පොලොන්නරුවේ සිරිසේන ගමයාගේත් මැදමුලන රාජපක්ෂ බයියාගේත් චණ්ඩිකම් වලට එදිරිව නොසැලී නොබියව මුහුණ දෙමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි කතානායක කරූ ජයසූරියගේ ක්‍රියා කලාපය ප්‍රජතන්ත්‍රවාදී යහපාලනය විශ්වාසකරන සියලු ජනතාවගේ නොමද පැසසුමට ලක් විය යුතුව තිබේ.

ජනාධිපතිවරයගේ ඉල්ලීම පරිදි, පසුගියදා ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවේ අංක 1 යොජනාව ඉවත් කර අද දින ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යොජනාවද බහුතර ඡන්දයෙන් සම්මත වූ බව කතානායක වරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේය.

ජනාධිපති සිරිසෙන විසින් ඊයේ රාත්‍රියේදී පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියේ පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත කළ විශ්වාසභංගය සංශෝධනය කර නැවත ඉදිරිපත් කරන ලෙසය . මෙහිදී ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේ ජනාධිපතිවරයා ගත් ව්‍යවස්ථා විරෝධී පියවර සම්බන්ධයෙන් වන අංක 01 වගන්තියයි.

ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එමේ හැකියාවක් ඊයේ සම්මත වූ විශ්වාසභංග යෝජනවේ අඩංගු බැවින් එය සංශෝධනය කර හෙට දිනයේදි යළිත් සම්මත කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා එජාපය ප්‍රමුඛ පක්ෂ නායකයන්ට දැන්ම් දි තිබේ.

පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට ඉඩ නොදී එය දිගින් දිගටම කඩාකප්පල් කිරීම සිරිසේන ජනාධිපතිවරයාගේ අනුදැණුම මත සිදු කරන්නක් බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග තහවුරු කරයි. ඔහුගේ දේශපාලන උපදේශයන් දෙදෙනා ලබා දී තිබෙන උපදේසය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දෙන තෙක් පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාමට ඉඩ නොදිය යුතු බවය.

වත්මන් දේශපාලන අර්බුධයේ නිර්මාණය කළ උමතු පාලකයකු වන සිරිසේන ජනාධිපතිවරයාව ඉවත් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරණයක අවශ්‍යතාවය දැඩිව මතුව තිබේ. 

2018 නොවැම්බර් 14 වන දින පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ ක්‍රියාකාරීත්වය පිළිබදව විවේචන දෙකක් එල්ලවිය එනම්,

1)- ස්ථාවර නියෝග අත්හිටුවීම නීති විරෝධිය 2) - හඩ අනුව ඡන්දය විමසා ප්‍රතිඵලය ප්‍රකාශ කිරීම වැරදිය. මෙම විවේචනයන් දෙක ස්ථාවර නියෝග අනුව අනුව සලකා බැලිය හැකිය

අද පාර්ලිමේන්තුව හමුවේ රාජපක්ෂවරු නිර්මණය කළ ගැ‍ටුමේ අරමුණ කතානායකවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්ද යන සැකය පවතින බව එජාප ජේෂ්ට මන්ත්‍රීවරයකු අප හා පැවසීය.

ld add copy

Latest News

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින්...

Connet With Us