අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වර්තමාන කැදවුම්කරු නජිත් ඉන්දිකගේ සොහොයුරා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයට කැදවා ඇත. විමර්ශනයක් සදහා බව පවසමින් ඊයේ (24) දින ඔහුව එසේ කැදවා තිබේ.

බුඩපේස්ට් සයිබර් අපරාධ පිළිබඳ සම්මුතියේ (Budapest Cybercrime Convention) සාමාජිකත්වය ලබන දකුණු ආසියාතික කලාපයේ ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත් වී තිබේ.

මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා AH1N1 ආසාදිත තත්ත්වය ජනතාව අතර පැතිර යාමේ සුලබතාවක් දක්නට ලැබෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් 4 ක් පත්කර තිබේ.

විදුලිබල  සහ බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ජාත්‍යන්තර තෙල් මිල ගණන් මත පදනම් වූ තෙල් මිල සුත්‍රයක් හඳුන්වා දීමේ  කැබිනට්  පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.

මැගී නූඩ්ල්ස්වල මොනෝසෝඩියම් ග්ලූටොනමේට් නම් රසකාරකය අධික ලෙස ඇත්දැයි සොයා බැලීමට ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය තීරණය කොට තිබේ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ලබන මස 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණැගල මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කර තිබේ.

වසා දැමුණු ගෝල්ඩන් කී සමාගමේ තැන්පත්කරුවන්ට වන්දි ගෙවීමේ ක්‍රමවේදය යළිත් වතාවක්‌ අර්බුදයට ලක්‌ව තිබේ.

ld add copy

Connet With Us