නව රජයේ කැබිනට් අමාත්‍යවරයෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු අද (21) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දෙන ලදී.
ඒ අනූව අබ්දුල් හලීම් මොහොමඩ් හසීම්, මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.
කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යතුමිය ලෙස චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය අද(21) සෙත්සිරිපාය කාර්යාලයේදී සිය වැඩකටයුතු ආරම්භ කලේය.
රාජපක්ෂගේ කුණු අපුල්ලපු දිනේෂ් වීරවංශ හැව ඇරලා !
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානතම ආධාරකරුවෙකු වන ලේක් හවුස් හි සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ කතෲ ඇන්ටන් දිනේෂ් ප්‍රනාන්දු, (එසේත් නැතහොත් දිනේෂ් වීරවංශ), ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඔබ්සර්වර් පුවත්පත සහ ඔහුගේ පුද්ගලික ෆේස් බුක් ගිණුම ඔස්සේ ද ප්‍රසිද්ධියේ මඩ ප්‍රහාර එල්ල කරමින් සිටි අයෙකි. එමගින් ඔහු අපේක්ෂා කළේ මහින්ද රාජපක්ෂ මහතාගෙන් ළකුණු දමා ගැනීමයි.
විශ්වවිද්‍යාල වාර්ෂික ගිණුම් වාර්තා ශිෂ්‍යයින් අතටද ලබා දෙන ලෙසත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට පවරා තිබූ විශ්වවිද්‍යාල සිසුනට නායකත්ව පුහුණුව ලබාදීමේ වැඩසටහන අහෝසි කිරීමට කටයුතු කරන බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රජීව විජේසිංහ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට උපදෙස් ලබා දී තිබේ.