හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය විරෝධී ලෙස කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ලා ගැනීමට උත්සහ කළ බව කියමින් විදෙස් කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (14) පැමිණිලි කර තිබේ.

වත්මන් අගවිනිසුරු වරයාගේ තනතුර ආරක්ෂා කර දීමේ වගකීම ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා බාර ගෙන තිබේ.  2002 වසරේ පිහිටවූ එජාප රජයේ ආරක්ෂක ඇමැතිවරයා මෙන්ම එජාපයේ කෘත්‍යාධිකාර මණ්ඩලයේ සාමාජිකයකුද වන තිලක් මාරපන මහතා මොහාන් පීරිස් මහතාගේ සමීප මිතුරකුද වේ.

දින සියයක වැඩ පිළිවෙලක් සඳහා මේ වන විට පිහි‍ටුවා තිබෙන නව ආණ්ඩුව එම් වැඩ පිලිවෙල ක්‍රියත්මක කිරීමට පෙරාතුව පෙරළා දැමීමට රාජපක්ෂවාදී දූෂිතයන් කටයුතු කරමින් සිටින බව දැන ගැනීමට තිබේ.

ඌව පළාත් මහ ඇමති ලෙස ඌව පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා පස්වරු 1.14ට යෙදුණ සුබ මොහොතින් පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය. ඒ, ඌව පළාත් ආණ්ඩුකාර සී. නන්ද මැතිව් මහතා ඉදිරියේය.

නව රජයේ කිසිදු ඇමැතිවරයෙකුට හෝ නියෝජ්‍ය ඇමැතිවරයෙකුට ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව ලබා නොදෙන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ වෙත ඊයේ (13) නියෝග කර ඇත.

ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක ලලිත් ද සිල්වා මහතා මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායකයා ලෙස කටයුතු කළ අවධියේදී රාජපක්ෂ හිතෛශීන් බොහෝ දෙනෙකුට එම ආයතයේ නීති රීති උල්ලංගනය කරමින් ‍රැකියා ලබා දි තිබෙන බව හෙළිවේ.

රාජ්‍ය අායතනවලට දූෂිත නිලධාරීන් පත් නොකරන ලෙස ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.

පසුගිය රජයේ දස වසරක පාලන සමය තුළ ඉඩම් අක්කර ලක්ෂ දෙකක් පමණ කොල්ලකෑම සිදු කර තිබේ. වනාන්තර, වෙරළ, කඩොලාන වනාන්තර, ලවණ වගුරු බිම්, කලපු පරිසර, තෙත් බිම්, දුපත් පමණක් නොව නොගැඹුරු මුහුද ද පසුගිය කාලය තුළ දී දැවැන්ත කොල්ලකෑමකට ලක් විය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us