වයඹ පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රධාන අමාත්‍යතුමා සමග එක්වී වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙලට සහය දීමට තීරණය කර ඇත.වයඹ පළාත් සභාවේදී අද (13)පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසිය.

එජාපයේ සිට පසුගිය මැතිවරණ සමයේදී එක්සත් ජනාතා නිදහස් සන්ධානයට එක්වූ ඌව පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා නැවතත් අද (13දා) එක්සත් ජාතික පක්ෂයට එක්වූයේය.

සන්ධාන රජය යටතේ අල්ලස් දූෂණ වංචා සිදුකර ඇති සියලු දේශපාලනඥයන්ට සහ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේදී අද (13)පැමිණිලි කළේය.

එමෙන්ම දූෂණ චෝදනාවන්ට ලක්වී ඇති සියලුදෙනාට රටින් පිටවීම තහනම් කිරීම සඳහා ක්ෂණික පියවර ගන්නා ලෙස මෙහිදී ඉල්ලා සිටියේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පුද්ගලයන් එකොළොස්දෙනෙකුට සහ කාල්ටන් සුපර් ස්පෝර්ට් ක්ලබ් සංවිධානයට එරෙහිව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේදී මෙලෙස චෝදනා ඉදිරිපත් කර ඇත.

001 5352

001 5360

001 5368

001 5380

මේ පිළිබද විජිත හේරත් මහතා ගේ අදහසට සවන් දෙන්න පහතින්

{soundcloud}https://soundcloud.com/lankadaily/vijitha-herathmp3{/soundcloud}

සබැදි පුවත්

කෙවිට අපි අතට ගන්නවා. ඒත් කරත්තයට නඟින්නේ නෑ.- ජවිපෙ අලුත් තියරිය

ජනතාව කොල්ල කෑ බැසිල් නාමල් කබ්රාල් අල්ලස් කොමිසමට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ආණ්ඩුවට එක් කර නොගන්නා ලෙස ඉල්ලමින් බලපිටිය ප්‍රදේශවාසීහූ බලපිටිය බස් නැවතුම් පොළ අසලදී අද (13දා) විරෝධතාවක නිරතවූහ.

හෙට (14) රාජ්‍ය හා බැංකු සේවකයින් සඳහා ලබාදෙන නිවාඩුවට සා‍පේක්ෂව පෞද්ගලික අංශය සඳහා ද නිවාඩු ලබාදෙන්නැයි කම්කරු දෙපාර්තමේන්තුව පෞද්ගලික අංශයේ සේවා යෝජකයින්ගෙන් ඉල්ලීම් කර තිබේ.

TNA ජනපති හමුවේ.

Published in පුවත්
Tuesday, 13 January 2015 11:15

උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් මූලික කරුණු 5ක් පිළිබදව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග ඊයේ (12දා)ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් සිදු කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් මහතා කියා සිටියේය.

අතිඋතුම් ශුද්ධෝත්ම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ මීට නොබෝ වේලාවකට පෙර මෙරටට සැපත් වුයේය. ඒ, වතිකානයේ සිට පැමිණි ඉතාලි ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකිනි.

ජනාධිපති කාර්යාලය සතු මෙතෙක් බාර නොදුන් වාහන පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us