බදු ගෙවන ලද පුද්ගලයින් හඳුනා ගැනීමේ අංකය (TIN) ලබාගැනීම තවත් පහසුකිරීම සඳහා එය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ලබාගැනීමට ජනතාවට අවස්ථාව ඉදිරියේදී සලසා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා ඇත.

අද (05) සිට පාලන මිල ඉක්මවා කීරි සම්බා අලෙවිකරන වෙළෙඳුන් සොයා දිවා රෑ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

පසුගියදා සියදිවිනසා ගත් රුවන් ප්‍රසන්න ගුණරත්න නම් 47 හැවිරිදි පුද්ගලයාගේ බිරිද සහ දරු තිදෙනාගේ අවමගුල් උත්සවයට සහභාගී වූ තවත් පුද්ගලයකු අද දිනයේ මහරගම ලැගුම්හලකදී සිය දිවි නසා ගෙන මියගොස් සිටියදී පොලීසිය විසින් සොයා ගෙන ඇත.

බස්නාහිර හා මධ්‍යම පළාත්වල ඩෙංගු ව්‍යාප්තිය පාලනයට ක්‍රියාත්මක ඩෙංගු මර්දන හා දැනුවත් කිරීමේ වැඩසටහන් සාර්ථක කර ගැනීමට දායකවූවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ප්‍රසාදය පළ කර තිබේ.

ජනාධිපති අරමුදල මගින් වෛද්‍යාධාර සඳහා ලබාදුන් මූල්‍යාධාරය100%කින් ඉහළදැමීමට පියවර ගෙන තිබේ.

රට තුළ පවතින විදුලි අර්බුදයට මූලික වශයෙන් බලපෑ කරුණු පිළිබඳව සඳහන් කරමින් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වාර්තාවක් සකස් කර තිබේ.

පොත් තුන්දහහසක් ප්‍රතිලේඛනය කළ ජයරණි ගුණතිලක මහත්මිය හදිසි රෝගාබාදයකට ගොදුරුවීමෙන් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (3) දින රෝහලේදී මියගොස් තිබෙනවා.

සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩතහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට උපදෙස් ලබාදී තිබේ.

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us