අර්බුද දරුණුම රටවල් 05 අතර ශ්‍රී ලංකාවත්. විපක්ෂයට අවශ්‍ය මහ මැතිවරණයක්
දැඩි ණය අර්බුදය හේතුවෙන් කඩිනම් සහන සැපයිය යුතු රටවල් 05 අතර ශ්‍රී ලංකාවද සිටින බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි.
ජාතික ජන සභා ලේකම් කාර්යාලයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
ජන සභා ක්‍රමය ස්ථාපනය කිරීම සඳහා ජාතික ජන සභා ලේකම් කාර්යාලයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය පහසුකම පිළිබඳ සහ රටේ ආර්ථිකය හැසිරවීම ගැන අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම සිදුකර තිබේ.
'මේක යහපාලන ආණ්ඩුවේ එක ප්‍රතිඵලයක්. අපි නිශ්ශබ්දවයි වැඩ කළේ. ඊට පස්සේ මේ ආණ්ඩුව වෙනස් වුණා. අලුත් ආණ්ඩුවක් ආවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුනාට පස්සේ මේ වැඩපිළිවෙළ නැවැත්තුවේ නෑ. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් මාරු වෙනකොට පැවති ආණ්ඩුව කරපු වැඩකටයුතු නතර කරනවා. ඒත් මේක නතර කළේ නැහැ.
මයික්‍රෝ-ප්ලාස්ටික් මවු කිරිවලටත් ඇවිත්ලු ! භයානක තත්වයක්
මවු කිරිවල මයික්‍රෝ-ප්ලාස්ටික් සංඝටක ඇති බව ඉතාලි වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් බිය පළ කරති. මවු කිරිවලින් ප්ලාස්ටික් විෂ හමුවුණු පළමු අවස්ථාව මෙය බව ද පැවැසෙයි.
ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් යුත් ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාව ලෙස හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කර තිබේ.
නෙළුම් කුලුනේ සිට රැහැන් ආධාරයෙන් පහළට පැනීමේ ‘බංජි පිමි’ ක්‍රීඩාව ලබන වසරේ ජනවාරි 1 වන දා සිට හඳුන්වා දීමට නෙළුම් කුලුන කළමනාකාරිත්ව ආයතනය පියවර ගෙන තිබේ.
දේශපාලනයේ දූෂණයට ප්‍රධානම හේතුව මනාප ක්‍රමය - ජනාධිපති
පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරිම් කාරක සභාවක් යෝජනා කරන බවත්, එම තේරිම් කාරක සභාව විසින් ලබන වසරේ ජූලි මාසය වන විට තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පවත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

