රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට එසැණින් විසඳුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පියවර ගෙන ඇත. ඉතිරි ඉල්ලීම් දෙකට අදාළ විසඳුම් මීළඟ අය වැයෙන් ලබාදීමට ද ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇත.

අනුරාධපුර, මහවිලච්චිය ගොවි ජනපදයේ අක්කර දහසක් ඉක්මවා වගා කළ වට්ටක්කා වගාවන්ට රසායනික පොහොර නොමැතිවීමෙන් අපේක්ෂිත අස්වැන්නක් නොලැබීමේ හේතුවෙන් ගොවීන් පීඩාවට පත්ව ඇති බවට සැලවීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා එම ගොවීන් හමුවට ගොස් ඔවුන්ගේ ගැටලු සාකච්ජා කරනු ලැබීය.

එන්නත්කරණය සම්පූර්ණ කිරීම අත්‍යවශතාවක් ලෙස දක්වා ඇති රටවල් වෙත විදෙස්ගතවීමට නියමිත සිසුන් සඳහා සයිනොෆාම් එන්නත ලබා දීම සඳහා වන එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඒ අනුව සූදානම් කර ඇත.

ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයින්ට සංක්‍රමණික දීමනාව යටතේ අරමුදල් සියරට යැවීම සීමා කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අවසරයකින් තොරව පාන් පිටි මිල රුපියල් 18කින් ඉහළ නැංවීම සම්බන්ධයෙන් සෙරන්ඩිබ් ආයතනයට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සූදානම් වන බව වාර්තා වෙනවා.

ප්‍රජා පොලිස් සංකල්පය ශක්තිමත් කරමින් අපරාධ හා මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම, බුද්ධි හා සිවිල් රාජකාරි ඔස්සේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම යන කාර්ය සඳහා අවශ්‍යව පැවැති ත්‍රීරෝද රථ 2000ක් ශ්‍රී ලංකා පොලිසියට සංකේතාත්මකව ප්‍රදානය කිරීම ඊයේ (01) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

දුෂ්කරතා මැද වැඩ කළොත් එහි ප්‍රතිඵලය මේ රටට ඉතිරි වෙනවා කියන විශ්වාසයෙන් වැඩ කළ යුතු බව ඊයේ දින ‍‍දිවයින පුරා ගම්මාන 500ක් “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන” ලෙස සංවර්ධනය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටෙකත් පසුපසට නොගන්නා ලෙස දිවයින පුරා ලක්ෂ 11ක්වූ ගොවීන් වෙනුවෙන් දිස්ත්‍රික් ගොවි නියෝජිතයෝ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටිති.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us