පාස්කු විමර්ශන ප්‍රමාණවත් මදි ! නීතිපතිවරයා අවධාරණය කරයි
පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදුකළ විමර්ශන ප්‍රමාණවත් නොවන බව අවධාරණය කර නීතිපතිවරයා එම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකොට, තමාට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට ඊයේ (9) උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
දේශපාලන පළිගැනීම් සොයා බැලූ ජනාධිපති කොමිසම නිකුත් කර නිර්දේශයක් බලරහිත කරන ලෙස ඉල්ලා පෙත්සමක්
දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම නිකුත් කර තිබෙන නිර්දේශයක් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා දින නියම කර තිබේ.
ඉකුත් මහ මැතිවරණ සමයේ යුද හමුදා සෙබළුන් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණාඅම්මාන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (09) ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව එය නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
පාස්කු ප්‍රහාරය ඉන්දියාව මත පැටැවීමේ උත්සාහයක් ! හිටපු ලොක්කෙක් බරටම වැඩ.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් එහි වගකීම ඉන්දියානු දේශපාලනික වුවමනාවක් මත සිදු වූවක් බව තහවුරු කෙරෙන මත දැක්වීම් රැසක් මෑතක සිට කරලියට එමින් තිබේ.
ISIL ත්‍රස්ත සාමාජිකයන් ලංකාවේ සිටින බව එක්සත් ජාතීන් අනතුරු අඟවයි
ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට (Islamic State in Iraq and Levant – ISIL) ශ්‍රී ලංකාවේ අනුගාමිකයන් සිටින බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් තහවුරු කර තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා නොකෙරුණු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබේ.
''වැඩ කරමු - ජය ලබමු" සජබ ආසන සංවිධායක හමුවේදී විපක්ෂ නායකවරයා කියයි
සියලුම සංවිධායකයින්ට වගකීම් පවරා ඇති බවත්, ඒ වගකීම් ඉටු කිරීමට සියලු සංවිධායකයින් කටයුතු කළයුතු බවත්, එසේ නොකරන සංවිධායකයින් පිළිබඳව තීන්දු ගන්නට පැකිලෙන්නේ නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ ප්‍රකාශ කර තිබේ.
දේශීය සිනමාව නඟාසිටුවීමට අවශ්‍ය සහන සපයන්න රජය සුදානම්
දේශීය සිනමා කර්මාන්තය නඟාසිටුවීමට අවශ්‍ය සහන ලබාදීමට රජය එකඟතාව පළකර ඇති බව වාර්තා වෙනවා.

