දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුන හෙට (16) දින විවෘත්ත කිරීමට නියමිත අතර ඒ සඳහා ජනාධිපති, අගමැති සහ විපක්ෂනායක තිදෙනාම සහභාගී වීමට නියමිතය මීටර් 350 ක් උසැති මෙම කුළුන ගොඩ නැගීමෙ කටයුතු පසුගිය රාජපක්ෂ සමයේදී චීන ණය ආධාර මත ආරම්භ කෙරිණි. මේ සඳහා අමරිකානු ඩොලර් මිලියන 100 කට ආසන්න මුදලක් වැය වී තිබේ.

අද දින එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කතානායක කරූ ජයසූරිය නම් කිරීමට බොහෝ ඉඩකඩ ඇති බව එජාපයේ තොරතුරු මාර්ග සඳහන් කරයි.. විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම එකම සටන් පාඨය කර ගනිමින් ජයසූරිය මහතා එම කර්තව්‍යය වෙනුවෙන් 'ජාතික අපේක්ෂකයා' නමින් පොදු අපෙක්ෂකයකු ලෙස ඉදිරිපත් වෙනු ඇතැයි පැවැසේ.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පාර්ශ්ව තුනක්, සජිත් ප්‍රේමදාස - රනිල් වික්‍රමසිංහ හා කරූ ජයසූරිය වෙනුවෙන් පෙනී සිටීම මේ වන විට පක්ෂ අභ්‍යන්තරයේ නොවිසඳුනු ගැටලුවක්ව තිබුණද එළඹෙන සතිය තුල එජාපයේ ඒකමතික තීරණයක් ලෙස අපේක්ෂකයා නම් කිරීම සිදු වෙනු ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුතු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ යුග දිවියට එළඹ තිබේ.  ඒ වෙනුවෙන් අපේ සුභපැතුම්ද මෙසේ එකතු කර සිටිමු.  නාමල් රාජපක්ෂ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.  ඔහු යැපෙන්නෙ ඉන් ලද ආදායමෙනි. කොහොම නමුත් මන්ත්‍රීවරයකු වූ ඔහු 2010 සිට හම්බ කරගත් යමක් සිය පවුල් ජීවිතය සාර්ථකව පවත්වා ගැනීම වෙනුවෙන් ඉතිරි කරගෙන ද ඇති බැව් කල්පනා කළ හැකිය. යහපත් ස්වාමිපුරුෂයකු ලෙස පවුලේ දියුණුව තකා අරපිරිමැස්මෙන් සකසුරුවමින්  වැඩ කරන එක අපේ ශ්‍රීලාංකීය සංස්කෘතිය අනුව ඉහළින්ම වර්ණනාවට භාජනය වන්නකි.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතේ වන ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගැනීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ඇමැති රාජිත සේනාරත්න පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස කරූ ජයසුරියගේ සහ සජිත් ප්‍රේමදාසගේ ඉදිරිපත් වීම් දෙකම පිළිගෙන ඇති අගමැති රනිල් වික්‍රමසිංහ ඔවුන් දෙදෙනාට ඒ වෙනුවෙන් සපුරා ලිය යුතු කොන්දෙසි වෙන වෙනම පනවා ඇත.

ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ දී රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් කළැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා තිබූ නඩුවේ චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අටදෙනා නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.

 ඊයේ ඩී ඒ රාජපක්ෂ සොහොන් නඩුවෙන් පැන යැමට ගත් උත්සාහය වැරදී ගියද අද දින ඇවන්ගාර්ඩ් නඩුවෙන් ගැලවී යාමට පොටක් පාදා ගැනීමට නන්දසේන ගෝඨාභයට හැකිව තිබේ. නන්දසේන මේ සෑම විටම අවධාරණය කර කියන්න තනන්නේ තමන් පුහුල හොරකම් කළාට කරේ අළු තිබීමෙන් පමණක් තමන් හොරකමක් කළ බව ඔප්පු කළ නොහැකි බවය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us