උපයන විට ගෙවීමේ බද්ද සහ පොලී ආදායම් මත රඳවා ගැනීමේ බද්ද අද (01) සිට අහෝසි වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි, දිස්ත්‍රික්ක කිහිපයකට ඇති විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව සබරගමුව, මධ්‍යම, බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මඩකලපුව, අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්කවලටත් මෙම තත්වය ඇති විය හැකි බවයි එම මධ්‍යස්ථානය පවසන්නේ.
ඇතැම් ස්ථානවලට 100mm ට වැඩි වර්ෂාපථනයක් බලාපොරොත්තු විය හැකි බවත් එම නිවේදනයේ සදහන්.

අබලන්වීම නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 273ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම අද (31) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සිනමා ශාලා හිමියන්ට ගෙවීමට නොහැකි වූ හිඟ විදුලි බිල්පත් පියවීම වෙනුවෙන් සහන කාලසීමාවක් ලබාදිමට විදුලිබල අමාත්‍යාංශය තීරණය කර තිබේනවා.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාර්තා වේ.

බස්නාහිර පළාතේ පාසල් ජනවාරි මස 11 වනදා විවෘත කිරීමේ හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා. 
ජනවාරි මස 11 වනදා ආරම්භ කෙරෙන පාසල් සඳහා සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් සකස්කිරීම සම්බන්ධයෙන් අද (31) දිනයේදී පාර්ශව කිහිපයක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

පවත්නා පහසුකම් තුළින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමටත්, මරණ අනුපාතය අවම මට්ටමක පවත්වා ගනිමින් රෝගීන් සුව වීමේ ප්‍රතිශතය ඉහළ මට්ටමක පවත්වා ගැනීමටත් ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජය කැපවී කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත ඉදිවූ බේරේවැව එළිමහන් අවන්හල ජනතා අයිතියට පත් කෙරුණා.
රුපියල් මිලියන 60 ක වියදමින් නාගරික සංවර්ධන අධිකාරිය ක්‍ රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය පදිකයන්ගේ සනීපාරක්‍ෂාව, භෝජන පහසුකම්, විවේක පහසුකම් ඇතුලු පහසුකම් රැසකින් සමන්විතයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us