රත්නපුරයේදී පොලිස් නිලධාරියෙකුගේ පහරකෑමට ලක්වූ බට්ටි නැමැති කාන්තාව තමාට වූ අසාධාරණය සම්බන්ධයෙන් අද (01) මානව හිමිකම් කොමිසම හමුවට පැමිණිලි කළාය.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමට ක්‍රියාකාරී දායකත්වය ලබාදුන් මිනිස් අවකාශයක් සදහා වූ සාමූහිකය සදහන් කොට සිටියේ කාන්තාවන්ට හිරිහැර කොට තම තුච්ඡ ලිංගික ආශාවන් සන්තර්පනය කොට ගන්නා පොලිස් නිලධාරීන්ට මේ හරහා පණිවුඩයක් ලබාදෙන බවයි.

ඉල්ලීම් දහයක් මුල් කරගෙන ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව මගින් සංවිධානය කරන ලද අඛණ්ඩ සත්‍යග‍්‍රහයට අදට දින 17 ක් වුවත්  කිසිඳු විසඳුමක් මෙතෙක් ලබා දී නැත.

දකුණු අධිවේගී මාර්ගයේදී රිය අනතුරකට ලක්ව පාදයක් අහිමිවූ එගජාගප පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාට කෘතීම පාදයක් සවිකිරීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා අත්අඩංගුවේ  සිටි  ඉන්දීය ධිවරයින් 96 දෙනෙකු නිදහස් කිරීම ඊයේ(30) දින සිදු විය. 

ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධිවරයින් 76 දෙනෙකු නිදහස් කරන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය වහා ස්ථාපිත කරන ලෙසත් , කළමනාකරණ උපාධිය මුදලට විකිණිම වහා නවතන ලෙසත් හා බාහිර සිසුන්ගෙන් මුදල් අයකිරීම වහා නවතන ලෙසත් බල කරමින් ඊයේ(30) දින ගලහ හංදිය ඉදිරිපිට සිසු රැළියක් පැවැත්විය. 

ක්‍රීඩා සංගම් 52 අතරින් දූෂීතම පරිපාලනය හිටපු පාපන්දු පරිපාලනය බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ආර්ථික අපහසුතා, දෙමාපිය රැකවරණය අහිමිවීම ආදී හේතු සාධක රැසක් නිසා දරුවන් ළමා මෙහෙකාර සේවයට බඳවාගැනීම සහ මෙහෙකාර සේවයේ යෙදෙන බව අග්‍රාමාත්‍ය දි. මූ. ජයරත්න මහතා පවසයි.

ld add copy

Connet With Us