ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාවට නංවනු ලබන ‘රනිල්ව කියවන්න’ නම් වූ ප්‍රචාරක වැඩසටහන අද (07) පෙ.ව. 8.00ට දීප ව්‍යාප්තව ආරම්භ කෙරේ.

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මිලියන 03ක බිත්තර තොගය මෙම සතිය අවසානයේදී දිවයිනට ළඟාවීමට නියමිතව ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) උදෑසන නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

කිසිඳු බලවේගයකට යට නොවී ස්වාධීනව වැඩ කිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරියට සහ නිලධාරීන්ට අවස්ථාව ලබාදීම මත ඉතිහාසයේ පළමු වතාවට මෙම වසරේ ගත වු මාස 08ක කාලය තුළ රේගු ඉතිහාසයේ වාර්තා කළ ඉහළම රේගු ආදායම වශයෙන් රුපියල් බිලියන 1000ක් උපයා තිබේ.

ඒ. ජේ. එම්. මුසම්මිල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ඌව පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා අනුර විදානගමගේ මහතාව පත් කර තිබේ.

නිවට බියගුලු නායකයින් සමඟ වැඩ කිරීමට නොහැකි බැවින් තමන් ඉන් ඉවත්ව ස්වාධීනව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බව ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට ඉවත්ව යන ලෙස දැනුම්දී ඇති බව වාර්තා වෙයි .

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මේ රටට නිසි වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් එය ඉටු කිරීමට හැකි එකම නායකත්වය රනිල් වික්‍රමසිංහ පමණක් බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පැවසිය.

ld add copy

Latest News

Connet With Us