5 දෙනෙකුගෙන් සමන්විත නව ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් පත්කර තිබේ.
VAT එක වැඩි ඡන්දයෙන් සම්මතයි. බදු වදිනනොවදින ලැයිස්තුව මෙන්න
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (11 ) සම්මත විය.
හෙට (12) දිනයේ දීපව්‍යාප්තව අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසයි.
එළැඹෙන වසර දෙක තුළදී ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව අඩක් දක්වා අඩු කිරීමට ඕස්ට්‍රේලියා රජය තීරණය කර තිබේ.
මෙරට එකතු කළ අගය මත බදු එහෙමත් නැතිනම් වැට් බදු ප්‍රතිශතය සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමටත් මෙතෙක් වැට් බදු සඳහා බල නොපෑ භාණ්ඩ හා සේවාවන් ගනනාවක් ඒ සඳහා ඇතුලත් කරගැනීම සිදුව තිබේ. මේ තත්වයන් අනුව යලළි භාණ්ඩ හා සේවන් වල මිල ඉහළ යෑම ගැන විශාල කතිකාවත් නිර්මාණ වී තිබේ. කෙසේ නමුත් අද පාර්ලිමේන්තුවව තුළ මෙම බදු සංශෝධනයට අදාලව පාර්ලිමේන්තු අනුමැතිය ගැනීමට නියමිතය.
අන් සතු හැඳුනුම්පත් යොදාගනිමින් ලීසිං වාහන අඩු මිලට ගෙන අන්තර්ජාලය හරහා විකුණනයි
කල්බදු වාරික හිඟ වාහන ඇති වාහන හිමියන් සොයා ගොස් එම වාහන කල්බදු වාරික ඉදිරියට ගෙවාගෙන යාමේ පොරොන්දුව මත අඩු මිලට මිල දී ගෙන එම වාහනවලට ව්‍යාජ ලේඛන සකස්කර අන්තර් ජාලයේ දැන්වීම් පළකර අලෙවි කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් හෙළිකරගත් කොළඹ අපරාධ කොට්ඨාසය ඊට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙක් ඊයේ (10) වන විට අත්අඩංගුවට ගෙන වාහන රැසක්ද සොයාගෙන ඇත.
රනිල් එනවා ස්ථීරයි ! මහින්දත් සාක්ෂි. අනුරගෙන් අභියෝගයක්
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්ථිර වශයෙන්ම ඉදිරිපත්වන බවත් ඔහු ජයග්‍රහණය කරන බවත් Chatham Street Journal පුවත්පත විශේෂ වාර්ථාවක් පළ කර ඇත. එසේම පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් නොකිරීමටත් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමටත් තීරණය කර ඇති බවත් වාර්ථා කර ඇත. එසේම ජනාධිපතිවරණයේදී වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වනු ඇත්තේ ජවිපෙ අනුර කුමාර බවත් සඳහන් කරයි.
2024 අයවැය විවාදයෙන් පසු වැට් බදු (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (11) සවස විවාදයට ගැනීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණි.