2022 මැයි 09 වනදා ඇතිවූ ගැටුම්කාරී තත්වයන් අතරතුර හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ නිවසට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන හලාවත මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණු සැකකරුවන් 68 දෙනෙකු නිදහස් කිරීමට එම අධිකරණය ඊයේ (04) තීරණය කර තිබේ.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම සලකාබැලීම සඳහා ජූලි මස 10 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (04) නියෝග කළේය.

බස්නාහිර පළාතේ මගී ප්‍රවාහනයේ යෙදෙන සියලු ත්‍රිරෝද රථ බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචි වී අවසර පත්‍රයක් ලබාගැනීම අනිවාර්යය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. එච්. ප්‍රසන්න සංජීව මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

ගිහියෙකුව සිටියදී කරන ලද සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා තරුණ භික්ෂුවක් යක්කල පොලිස් ස්ථානය වෙත ඊයේ (04) පැමිණ බාර වූ සිදුවීමත් යක්කල පොලිසිය පවසා සිටිනවා.

අද (05) සිට ලබන 15 වන දා දක්වා දිවයිනට ඉහළින් සූර්යයා ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පැවැත්වීමට මේ අවස්ථාවේ නොහැකි බව මැතිවරණ කොමිසම පවසයි.

කොළඹ සිට බදුල්ල දක්වා සුඛෝපභෝගී සංචාරක දුම්රියක් අද (05)සිට ධාවනයට එක් කෙරේ.

ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩ්විය නාඳුනන හැකර්වරයෙකු විසින් කඩාකප්පල් කර තිබේ. " නිර්නාමික EEE' යන නාමයෙන් අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා පද්ධතියේ ආරක්ෂක දෝෂ ඉස්මතු කරමින් අනවසර ප්‍රවේශය සඳහා සමාව ඉල්ලා පණිවිඩයක් තැබීය.

ld add copy

Connet With Us