වාසුටත් කොරෝනා !

Published in පුවත්
Monday, 11 January 2021 10:37

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාරට කොවිඩ් 19 අසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය විය.

ජනවාරි 8 වන දින බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට ද කොවිඩ් ආසාදිත බවට තහවුරු විය.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ ගේ සමීප ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරු 21 දෙනෙකු පමණ හඳුනාගෙන තිබේ.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ, රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සහ කුමාරසිරි හෙට්ටිගේ පාර්ලිමේන්තුවට පැමිණ ආපසු යන තෙක් වූ CCTV දර්ශන මඟින් එම ආශ්‍රිත මන්ත්‍රීවරු හඳුනාගෙන ඇති බවය.

පසුගියදා පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ඇතිව යාපනය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් කඩා දමන ලද යුද්ධය නිසා මළවුන් සිහිකිරීම පිණිස වූ ස්මාරකය නැවත ගොඩනැගීමට එම පාලනාධිකාරිය තීරණය කර තිබේ.

ලබන මස අවසානයට පෙර කොරෝන එන්නත ලබා දීමට කටයුතු බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ සදහන් කරනවා.

කුරුණෑගල පළාත් මහ රෝහල අති නවීන රෝහලක් ලෙස අලුතින්ම ඉදිකිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.

බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් සියලු පළාත්වල පාසැල් අද (11) දිනයේ විවෘත කිරීමත් සමග 02 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් කටයුතු අද (11) ආරම්භ වුණා.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැක ගැනීම උදෙසා දෙවසරක කාලයක් සඳහා සහන ලබා දීමේ වැඩපිළිවෙළක් පිළිබඳ සාකච්ඡාවක් අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා.

දඩ මුදල් නොගෙවා බන්ධනාගාරවල සිටින සියලු රැදවියන්ට විශේෂ ජනාධිපති සමාවක් ලබා දීමට තීරණය කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සහය ලබා දුන් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට අමෙරිකානු අධිකරණයක් මගින් චෝදනා ගොණු කර තිබෙනවා.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us