පසුගිය 29 වන දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 32 වන සැසිවාරය අමතා විදේශ ඇමැති මංගල සමරවීර මහතා කළ ප්‍රකාශයේ සිංහල පරිවර්තනය පහත දැක්වේ.

නව මහ බැංකු අධිපතිව ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට මහින්දවාදී විපක්ෂයේ නියෝජනය කරන මහජන එකසත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධනද මහතා ද සුභ පැතුම් එක්කර ඇත.

ඔහු පළපුරුදු වෘත්තියවේදියකු බවත් එම ක්ෂෙත්‍රය තුල ගරු කටයුතු පුද්ගලයකු බවත් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි. ඔහු මේ බව කියා සිටියේ ට්වීටර් පණිවිඩයක් මඟිනි.

ගාල්ල, නෙළුව, දෙල්වල, ආඳාදොල හරස් කර ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත් සමාගමක් විසින් ඉදිකරන කුඩා ජල විදුලි බලාගාරය මගින් සිදුවන දැවැන්ත පාරිසරික හා සමාජීය විනාශය නොතකා හැර එය කෙසේ හෝ ධම්මික පෙරේරා වෙත ඉ‍ටු කර දීමට ගාල්ලෙ ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වූ පජාත දෙශපාලුවකු වන පියසේම ගමගේ දැඩි උත්සහයක් ගනිමින් තිබේ.

වත්මන් යුධ හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වාගේ බිරිඳ වන සේවා වනිතා ඒකකයේ සභාපති නයනා ද සිල්වා මහත්මිය ගේ අත්තනොමතික ක්‍රියා කලාපය හේතුවෙන් යුධ හමුදාවේ සියලුම රෙජිමේන්තුවම නිළධාරීන් හා සෙබලුන්ගේ පඩිපතට තට්‍ටු වන ලකුණු පහල වී ඇත.

ජේෂ්ඨ මාධ්‍යවේදි සන්ඩෙ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රබල සැකරුවකු ඉදිරි සතියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තාවේ. මෙම සැකකරුවාද යුධ හමුද බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ පුද්ගලයකු වන අතර මෙම ඝාතනය සඳහා නියෝග දුන් අය හා ඔහු සම්බන්ධතා පවත්වා ඇති බවට සැක කෙරේ.

වේයන්ගොඩ ශ්‍රි ලංකා යුධ හමුදා කඳවුරේ පවත්වාගෙන යන උණ්ඩ ගබඩාව එතැනින් ඉවත් කර අඹේපුස්ස සිංහ රෙජිමේන්තු හමුදා කඳවුරෙහි පිහි‍ටුවීමට තීරණය කර තිබේ. අඹේපුස්ස කඳවුරේ පැවතින පැරණි ගොඩනැගිලි කිහිපයක් මෙවෙනුවෙන් යොදා ගැනීමට තීරණය කර ඇති අතර මේවන විට එම ගොඩනැගිලි වටා පස් කදු ආවරණයක් සැකසීම සිදුවෙමින් තිබේ. වැලිසර නාවික හමුද කඳවුරේ පවතින උණ්ඩ ගබඩාව ද අ‍ඹේපුස්ස කඳවුරට ගෙන යාමද ඉදිරියේදි සිදුවනු ඇති බවත් පැවසේන අතර මේවන විට එම ගබඩාව සහා වේයන්ගොඩ ගබඩාව වටාද පස් කඳු ආවරණ සකස් කරමින් ඇත.

පසුගිය 29 වනදා මහ බැංකු අධිපති ධුරයට නන්දලාල් වීරසිංහ නැමැති රාජපක්ෂ වාදීයාව පත් කිරීම සඳහා ජනාධිපතිවරයා හිතුමතේ කටයුතු කළද ඒ සම්පූර්ණයෙන්ම රටේ පිලිගත් නීතිය උල්ලංගනය කිරීමක් බව හෙළිවේ.

කිලි මහරාජා සහ ඔහුගේ ක‍ටු කන සුරතල්ලු ටික මහ බැංකු අධිපතිවරයා දඩමීමා කරගෙන ගෙන ගිය රනිල් විරෝධී කුමන්ත්‍රණකාරී ව්‍යාපාරයට ජනාධිපතිවරයාත් මහ දවාලෙම හසුවීම කරන කොට ගෙන මහ බැංකු අධිපතිට දූෂිත චෝදනා එල්ල කර ඔහුගේ ධුර කාලය දික් නොකිරීමට ඊයේ (29) දිනයේදී හිතුමතේ තීන්දු කර ඇත. නව මහබැංකු අධිපතිවරයා ලෙස, 2011 සැප්තැම්බර් මස සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත් වූ ආචාර්ය නන්දලාල් වීරසිංහ පත් කර ඇත. ඒ සඳහා වන පත් වීමේ ලිපියටද ඊයේ ජනාධිපතිවරයා අත්සන් තබා තිබේ. ඒ නිල වශයෙන් ප්‍රකශයට පත් නොකෙරුණද ඒ සමඟම ඊනිය දුෂණ විරෝධීන් හා ජවිපෙ සාමාජිකයන්  සමාජ ජාලාවල ඔහුට සුභ පතන්නට පටන් ගෙනද තිබිණි. 

ld add copy

Latest News

ජාතික විදුලි විරුවන්ට LTL වෙතින් ප්‍රණාම

ජාතික විදුලි විරුවන්ට LTL වෙතින් ප්‍රණාම

දිට්වා සුළි කුණාටුව සහ ගංවතුර තත්වය යටතේ මෙරට විදු බල පද්ධතියට විශාල හානියක් අත් පත් වූවත් ඉතා කඩිනම...

Connet With Us