ගෝඨාභය රාජපක්ෂගේ අමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමට මෙතෙක් අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනුමත කර නොමැති අතර සඳහා ගෝඨාභය  සොෆා ගිවිසුම සහ ඇක්සා ගිවිසුම සඳහා සිය එකඟතාවය පල කිරීම සමඟ සිදුවෙනු ඇති බවත් තතු දත් ආරංචි මාර්ග පවසයි.

මෙරට නව යුධ හමුදාපතිවරයා ලෙස ශවේන්ද්‍ර සිල්ව පත් කිරීම සමබන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර වශයෙන් බරපතල විරෝධයක් මතුවෙමින් තිබේ. යුධ අපරාධ චෝදනා ගනනාවක් එල්ල වී ඇති චූදිතයකු යුධ හමුදාපතිවරයා ලෙස පත් කිරීම පදනම් කරගෙන මෙම විරෝධය මතුව තිබේ.

නව යුධ හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කිරීමට ජනාධිපතිවරය තීන්දු කිරීම සම්බන්ධයෙන් ශ්‍රීලංකාවේ අමරිකානු තානාපති කාර්යාලය සිය අකමැත්ත පළ කර නිවේදනයක් නිකුත් කර තිබේ.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජීවිතයට තර්ජන එල්ල වී ඇති නිසා ඔහුගේ ආරක්ෂාව තර කරන්නයි ඔහු විසින්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර තිබෙන බව වර්තා වේ.

රාජපක්ෂ කඳවුරේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් කර තිබෙන ගෝඨාබය රාජපක්ෂව බිත්තියට හේත්තු කර දෙමල ජනතවගේ නිදහස සහ අයිතීන් සම්බන්ධයෙන් ඔහු සමඟ කේවල් කිරීමකට යෑමේ ස්වර්ණමය අවස්ථාවක් එළඹ ඇතැයි දෙමළ ජාතික ප්‍රගතිශීලී පෙරමුණේ නායක සෙල්වරාජා ගජෙන්ද්‍රන් පවසා සිටියි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පොලොන්නරුවේ පැවැති උත්සව අවස්ථාවක දී ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ගේ පාර්ශ්වයේ සහය ලැබෙන්නෙ කාටද යන්න ගැන ඉඟියක් පළ කළේය. එහිදී පසුගිය 25 වසර තුළ තමා ලත් අත්දැකීම්වලින් හොඳ කෙනා කවුද , හොරා කවුද යන්න ගැන තමා දන්නා බව කීවේය. තමා එම කාලය තුලදී මැති ඇමැතිවරු ගනනාවක් ඇසුරු කළ බවත් ජනතාවට සේවයක් කළේ කවුද යන්න ගැනත් හොඳ අවබෝධයක් තිබෙන බවද අවධාරණය කළේය.

ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ මෙවර සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පොදුජන එක්සත් පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන ලද ගෝඨාභය රාජපක්ෂට ආරාධනා කිරීමට ශ්‍රීලනිප ප්‍රබලයන් පිරිසක් යෝජනා කර තිබේ. එළඹෙන සැප්තැම්බර් 03 වනදින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙම සම්මේලනය පැවැත්වීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ පවුල් ආණ්ඩු සමයේදි අරලිය ගහ මන්දිරයට විවිධ පුද්ගල කණ්ඩයම් කැඳවා ආහාරපාන සහ වෙනත් තැගී භෝගාදිය සංග්‍රහ කිරීම වෙනුවෙන් රජයේ සහ පෞද්ගලික ආයතනය සඳහා ගෙවිය යුතු රුපියල් බිලියන 4.4 ක හිඟ බිල්පත් ගෙවීම මහා භාණ්ඩාගාරය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

ld add copy

Latest News

වැඩි මිළට පානීය ජල බෝතලයක් අලෙවි කළ හෝටලයකට රු.ලක්ෂ 10ක දඩයක් !

වැඩි මිළට පානීය ජල බෝතලයක් අලෙවි කළ හෝටලයකට රු.ලක්ෂ 10ක දඩයක් !

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලකට පානීය ජල බෝතලයක් අලෙවි කළ හපුතලේ ප්‍රදේශයේ හෝටලයකට බණ්ඩාරවෙල මහේස්...

Connet With Us