වසර විසි පහක් තිස්සේ රජයට පවරාගෙන තිබූ තමාගේ වත්තල පිහිටි ඉඩම නැවත ලබා ගැනීමට ගත් සියලූ උත්සාහයන් ව්‍යවර්ථ වෙද්දි ශ‍්‍රී නිවාස් නම් පුද්ගලයකු සිය නිවසේදී ගෙළ වැළලාගෙන මියගොස් තිබේ.

අලි ජාවාරම් කරුන්වන් බෙරා ගැනීම සඳහා රාජ්‍ය නායක මට්ටමෙන් වන මැදිහත් වීමට විරෝධය දක්වමින් වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය මහතා ඊයේ (06) සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

ආණ්ඩුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර ඇති ගිවිසුම් හා ඒ තුළින් ඉදිරියේදී මෙරට කම්කරැවාට මුහුණ දීමට සිදු වන අභාවාචකයන් හා එකී කප්පාදුන්ට එරෙහි අරගලය පිළිබද අදහස් දැක්වීමට කම්කරැ අරගල මධ්‍යස්ථානය විසින් අද 06 දින මාධ්‍ය හමුවක් කැ‍දවා තිබුණා.

අවිස්සාවේල්ල කොස්ගම පිහිටි යුධ හමුදා උප වෙඩි උණ්ඩ ගබඩාව (sub Ammunition dump) ගිනිගෙන පුපුරායාම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය, හමුදාවේ වෙඩි උණ්ඩ ගබඩා පරිපාලනයට යොදවා ඇත්තේ ඒ සඳහා විශේෂඥ පුහුණුව ලද නිලධාරීන් නොවන බවට හඳුනාගෙන ඇත.

ශ්‍රීලනිපය, එජාපයේ විරුද්ධ වචනය බවත් ඒ නිසා එජාපයට එරෙහි වීම ශ්‍රීලනිපයේ අනිවාර්ය කොන්දේසිය බවත් ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායක යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඩලස් අලහප්පෙරුම පවසයි.

අවිස්සාවේල්ල,‍ කොස්ගම, සාලාව හමුදා කඳවුරේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති නමුත් මෙහි පාතොරොම් අවි හා බොම්බ ගබඩා කිරීමේදී නිසි ප්‍රමිතියට අනුව සිදු කර නොමැති බව හෙළිව තිබේ. පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීමදී අනුගමනය කළ යුතු ආරක්ෂක ක්‍රමවේදයන් ගෙන් තොරව දශක දෙකකට ආසන්න කාලයක් මුලුල්ලෙ මේ ගබඩාව පවත්වාගෙන ගොස් ඇත.

යාපනයේ ඓතිහාසික ලන්දේසි බලකො‍ටුව සංරක්ෂණය සඳහා රුපියල් මිලියන 104 මුදල ඇස්තමේන්තු ගත කර එම වැඩ කටයුතු 2010 වසරේ දී ආරම්බ කරනු ලැබූ අතර මේ වන විට මිලියන 224ක වියදම් දරා ඇත. වෙන් කළ මුදලටත් වඩා දෙගුණයක තරම් විශාල වියදම් දරා ඇති නමුත් එම කටයුතුවලින් සියයට 65ක්වත් වැඩ අවසන් කර නොමැත.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ කර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රි ලනිපය තුල ශක්තිමත්වීම වැලැක්වීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා පසුගිය කාලයේ ගෙන ගිය වැඩ පිළිවෙල ඉන්දීයානු රජයේ අනුදැනුම ඇතිව සිදූවූවක් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඉන්දියාවේ රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය මේ මෙහෙයුම සිදු කර තිබේ.

ld add copy

Latest News

වසරේ පළමු කාර්තුවේ දී විගමනික ප්‍රේෂණ 27% කින් ඉහළට

වසරේ පළමු කාර්තුවේ දී විගමනික ප්‍රේෂණ 27% කින් ඉහළට

මේ වසරේ පළමු කාර්තුව තුලදී විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ පළමු කාර...

Connet With Us