එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙවර මැතිවරණ ප්‍රකාශය අද දින කාටත් කළින් පිළිගැන්වුයේ සන්ධානයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා අතටය. මෙම අවස්ථාවට සන්ධානයේ ප්‍රධාන පෙළේ නායකයෝ ‍රැසක්ද සහභාගී වී සිටි අතර ඔවුන් ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවකද නිරත වූහ.

2012 මැයි මස 16 වැනි දින සිදු කෙරුණු වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳව සැබෑ තොරතුරු අධිකරණයක දිග හැරෙන්නේ වසර තුනකුත් මාස දෙකකටත් පසුවය. ඒ ද, පසුගිය ජනවාරි 8 මැතිවරණය දිනයේ පවා ඡන්ද පොළට වී ඒ. ආර්. සිරිසේන හෙවත් ඩමි සිරිසේන සමඟ සෙල්ෆි ඡායාරූප රැගෙන සමාජ මාධ්‍ය ජාලා තුළ පතුරුවමින් ගොන් ආතල් ගත් රාජපක්ෂ පුතුන් සිය පියාද සමඟම බලරහිත වී මාස හතකටත් පසුවය. එතෙක් එය හුදෙක් රිය අනතුරක් පමණක් ම විය.

මූලික දේශපාලන ප්‍රතිසංස්‌කරණ, තිරසාර සංවර්ධනය, බලශක්‌තිය, අධ්‍යාපනය හා මූලික මානව හිමිකම් සුරක්‌ෂිත කිරීමට අදාළව එක්සත් ජාතික පෙරමුණ සහ සිවිල් සංවිධාන කිහිපයක් අතර නව එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම අද (28 ) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී සිදු කෙරිණි.

අගෝස්තු 17 වෙනිදායින් පසුව එක්සත් ජනතා නිදහස් සංධානය ආසන 90 ට වැඩි සංඛ්‍යාවක් ලබා ගන්නා බවත් ඉන්පසුව බෝනස් ආසන 15ක් ලබා ගෙන පැහැදිලිවම සංධාන ආණ්ඩුවක් යටතේ මේ රටේ බලය පිහිටුවන බව වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

වයස 18 ට වැඩි හැම තරුණයෙක්ටම ඉගෙන ගන්න රුපියල් 50,000 ගානනේ දෙන බවත් විශ්ව විද්‍යාලයට ඇතුළු වෙනකොට ළමයිට ඒ සදහා සූදානම් වෙන්න රුපියල් 10,000ක් ලබා දී මහපොළ 6000ක් දක්වා වැඩි කරන්න තීන්දු කළ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.ඔහු මේ බව පැවසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමිනි.

ලාංකීය දේශපාලන ඉතිහාසයේ පළමු වරට, විධායක ජනාධිපති ධූරයත්, ආණ්ඩු බලයත්, රජයේ මාධ්‍ය සහ රාජ්‍ය දේපළ සියල්ලත්, කැලෑ නීතියත්, සියල්ල අතැතිව, ඡන්ද දායකයින්ට වරදාන, වරප්‍රසාද, සහ අල්ලස් ලබාදෙමින් අතිශය දූෂීත ලෙස තුන්වෙනි වාරය සදහා ජනාධීපතිවරණයට තරඟ කළ එකම ජනාධිපතිවරයා ලෙසත්, එසේ තරඟ කර පරාජය වූ එකම ජනාධීපතිවරයා ලෙසත් මහින්ද රාජපක්ෂ මහතා ලාංකීය දේශපාලනය ඉතිහාසයට එකතු වූයේ ජනවාරී 8 වෙනි දිනය.

ඊයේ රාත්‍රී 10.30 ට පමණ පඩුවස්නුවර, මන්නාපුර ප්‍රදේශයේදී අධ්‍යාපන ඇමැති අකිල විරාජ් මහතා ඉලක්ක කරමින් එල්ල කිරීමට ගත් ප්‍රහාරයක් වලක්වා ගැනීමට ඇමැති ආරක්ෂක අංශය හා පොලීසිය සමත්ව තිබේ.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් නොව ඝාතනයක් යැයි රහස් පොලීසිය ඊයේ (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.

ld add copy

Latest News

උඩදුම්බරට භූ චලනයක්

උඩදුම්බරට භූ චලනයක්

මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයේ දේවහන්දිය ගම්මානයට අද (08) පස්වරු 5.05ට පමණ සුළු භූ චලනයක්...

Connet With Us