හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකු බණ්ඩාර සහ නිළි නදීශා හේමමාලි එක්ව සිටින ඡායාරූප පෙළක් මේ දිනවල බොහෝ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාල ආශ්‍රිතව ප්‍රචාරය වනු දක්නට ලැබිණි. විවිධ දේශපාලනික මානයන්ගෙන් මෙන් ම පෞද්ගලික සහ සදාචාරවාදී කෝණයන්ගෙන් මෙම ඡායාරූප පිළිබඳව විවේචන කෙරී තිබෙනු දැකිය හැකි විය.

මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක ලැයිස්තුවේ රාජපක්ෂ පවුලේ තිදෙනකු හා මහින්ද අමරවීර මහතා ප්‍රබලම අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටියද මෙවර  ඒ සියලු දෙනා  අභිබවා චානක දිනූෂාන් නම් තරුණ අපේක්ෂකයා වැඩි මනාප ප්‍රමාණයක් ලබා ගනු ඇති බව  එම දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් පවසා සිටී.

යහ පාලන ආණ්ඩුව හොරුන් අල්ලන්නේ නීතියේ ආධිපත්‍යයට යටත්ව බවත් එලෙස නොකළා නම් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ගෙන් විශාල පිරිසක් මේ වන විට ඉන්නේ හිර ගෙවල් වල බවත් එමෙන් ම, කකුළුවන් දිය හැලියේ නටන්නාක් මෙන් නොවැම්බර් මාසය වන තෙක් නටන ලෙස වංචා හා දුෂණ වලට සම්බන්ධ දේශපාලකයන්ට තමා පවසන බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වාරියපොළදී අද (5) සඳහන් කළේය. 

ජාතීන් වශයෙන් සහ ආගම් වශයෙන් ඇති දේශපාලන පක්‍ෂ මේ රටෙන් තහනම් කළ යුතු බවත්, ජාති ආගම් කුල භේදවලින් තොර යහපත් පුද්ගලයන් මෙවර පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගැනීමට සියලු ඡන්ද දායකයන් කටයුතු කළ යුතු බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පවසයි.

රාජ්‍ය බුද්ධි අංශය මහ මැතිවරණයට අදාලව  ‍රැස් කෙරෙන සංවේදී තොරතුරු  ලබා ගැනීම සඳහා හිටපු බුද්ධි අංශ ප්‍රධානියා වන චන්ද්‍රා වාකිෂ්ඨ එම අංශයේ සේවය කරන ඉහළ පෙලේ නිළධාරීන් කිහිප දෙනෙකු මඟින් උත්සහයක් ගෙන ඇති බව වර්තාවේ. 

ජනවාරි 08 වෙනිදා මේ රටේ නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් කැපවුන සියලූ ප‍්‍රගතිශීලී පුරවැසි සංවිධාන සහ දේශපාලන පක්ෂ සමග ඒකරාශී වෙමින්, ගැටුම්කාරී දේශපාලනය වෙනුවට සෑම පාර්ශ්වයකම සහභාගිත්වය සහ එකගත්වය ඇති දේශපාලන සංස්කෘතියක් සඳහා පක්ෂය, පාට, ජාති, ආගම් ආදී සියලූ භේද පසෙක ලා දිනාගත් නිදහස ආරක්ෂා කිරීමට හැකියාව මෙන්ම කැපවීම තිබෙන බලවේගය හා නායකත්වය සමග එක්වන ලෙස හිටපු ජනාධිපති චන්දිකා බණ්ඩාරනායක මැතිණිය නිවේදනයක් නිකුත් කරමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා සිටී. 

ඉදිරි දින කිහිපය තුලදී සුදුවිය හැකි අනතුරක ඉව වැටී බුද්ධි අංශ නිලධාරීන් ‍රැසක් කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා යන එන මඟ හා මැතිවරණ ප්‍රචාරක වේදිකා අසල සීරුවෙන් තැබීමට ආරක්ෂක අංශ තීරණය කර ඇතැයි වාර්තාවේ. 

යුද හමුදා කමාන්ඩෝ බලකාය විසින් පවත්වාගෙන යනු ලබන සිව්බල මෝටර් රථ (Four Weel Vehicle) ක්‍රීඩා සමාජය විසින් සිදුකරන දැවැන්ත පරිසර විනාශයට එරෙහිව අද(05) පරිසරවේදීන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇති අතර කොමාන්ඩෝ බලකාය, මධ්‍යම පරිසර අධිකාරි, වෙරළ සංරක්ෂණ අධිකාරිය මෙම පැමිණිල්ලේ වග උත්තර කරුවන් ලෙස නම් කර ඇත.

ld add copy

Connet With Us