මේ ජනාධිපතිවරණය නොවේ. ඔබේ පාර්ලිමේන්තු නියෝජිතයා ‍තෝරගනු ලබන මැතිවරණයයි

චෝදනා ලැබූ පුද්ගලයින්ට නාමයෝජනා ලබා නොදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සාධනීය පියවරක් ගත් නමුත් එක්සත් ජාතික පක්ෂය එවන් උත්සාහයක් හෝ නොගත් බවත් හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් පවසා තිබුණි.

විවෘත විශ්ව විද්‍යාලයේ වැඩිකල පාඨමාලා ගාස්තු වහා පහල දමන ලෙස ඉල්ලමින් විවෘත විශ්ව විද්‍යාලයීය සිසුන් ආරම්භ කල අඛණ්ඩ සත්‍යග‍්‍රහයට අදට දින 217කි. ඒ අනුව මෙම සත්‍යග්‍රහයේ දිගුවක් ලෙස අද(21) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැමිණි සිසුන් ගස්තු වැඩිවීමට විරෝධය පළ කර සිටියේය. එහිදී අදහස් දක්වමින් විවෘත විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශකයෙක් පැවසුවේ මෙම ගැටලුවට හැකි ඉක්මනින් විසදුම් ලබා දෙන ලෙස පරිපාලනයට බලකර සිටින බවයි.

 
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය දැනටමත් බිඳ වැටී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.  මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසය තබාගෙන මෙම මැතිවරණයේදි සන්ධානයට විශිෂ්ඨ ජයක් අත් කරගත හැකි බවට සන්ධාන නායකයන් තැබු බලාපොරොත්තු සුන්ව තිබේ. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ මහින්ද රාජපක්ෂට තිබු ජනතා ආකර්ෂණය බලාපොරොත්තු නොවු ලෙස බිඳවැටී තිබීමය.

කායික දුබලතාවන්ගෙන් යුතු තැනත්තන් හට ඡන්ද පොළ වෙත යාම සඳහා ප‍්‍රවාහන පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව අගෝස්තු නව වනදා දක්වා පවතී.

සිංහල ජනතාව තුල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කෙරේ තිබූ ප්‍රසාදය මේ වන විට එන්න එන්නම පහළ බසිමින් තිබෙන බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක සහ ජල සම්පත් හා නාගරික සංවර්ධන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප‍්‍රකාශ කළේය.

මැතිවරණ කාලසීමාව තුළ රාජ්‍ය දේපළ අනිසි පරිහරණය සිදුවීම වැළැක්වීම සඳහා විශේෂ චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් පි.බි.අබේකෝන් මහතා නිකුත් කර තිබේ.

මැතිවරණ ව්‍යාපාරය මේ වන විට වෛරී දිශාවකට ගමන් කරමින් පවතින බව කැෆේ සංවිධානය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ කීර්ති ‍ තෙන්නකෝන් මහතා සඳහන් කළේ ‍එකම පක්ෂයේ අපේක්ෂකයින් විසින් තම පක්ෂයේ තවත් අපේක්ෂකයෙකුට ඡන්දය දෙන්නට එපා යැයි සඳහන් කරමින් සෘණාත්මක මැතිවරණ ව්‍යාපාර මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි.

ld add copy

Connet With Us