මෙවර පළාත්පාලන මැතිවරණ ප්‍රතිපලය සම්බන්ධයෙන් රජයට සම්බන්ධ බුද්ධි අංශ විසින් සිදු කර තිබෙන සමීක්ෂණයකට අනුව ශ්‍රීලංකා නිදහස් පක්ෂය බොහෝ දිස්ත්‍රික්කවල තුන්වන තැනටත් පහලට වැටී ඇති බව පෙන්නුම් කර තිබේ.

බැඳුම්කර ගනුදෙනුවෙන් රජයට විශාල පාඩුවක් අත්පත් කර දුන් බවට චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා එම ගනු දෙනුවලින් රජයට රුපියල් බිලියන 25 ක ලාබයක් අත්ව ඇති බවට විශේෂ හෙළිදරව් කිරීමක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

ජනතාව බිය වැද්දීම් සෑම දෙනාම සිදු කරගෙන යනවා. ඇතැම් අවස්ථාවල මිනිසුන්නට බය හිතෙන විදිහට, මිනිසුන් අනාරක්‍ෂිත වන විදිහට නොයෙක් ප‍්‍රකාශ කරගෙන යනවා. මම එනකොට දැක්කා අක්කර 4000 ක් අපි ගන්න යනවයි කියලා. අමූලික පට්ටපල් බොරුවක්.

කිරිපිටි හා තිරිගු පිටි ආනයන කරන සමාගම් සදහා බදු සහන ලබාදීමට කටයුතු කර ඇති ඇමැතිවරයකු වසරකට රුපියල් බිලියන 10,000 ක පමණ කොමිස් ආදායමක් ලබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ හෙළිදරව් කරයි, ජනාධිපතිවරයාට යොමු කර තිබෙන ලිපියක මේ බව සඳහන් කර තිබේ.

ව්‍යාපාරික අර්ජුන් ඇලෝසියස් ට අයත් පර්පෙච්චුවල් සමූහය හා අනුබද්ධ තවත් සමාගම් 28 ක බැංකු ගිණුම් අත්හි‍ටුවීමට ශ්‍රීලංකා මහ බැංකුවේ, මූල්‍යමය බුද්ධි සේවා ඒකකය තීරණය කර ඇති බව මහ බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි. මේවන විට මහ බැංකුව විසින් බැඳුම්කර ගනු දෙනුවලට අදාලව සිදු කරගෙන යන විමර්ශන වලට යටත්ව මෙම පියවර ගැනීමට නියමිතය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් කරන ලද යෝජනාව පිළිගන්නා බව ඒකාබද්ද විපක්‍ෂය සදහන් කරයි.

2017 වසරේදී ශ්‍රි ලංකා පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තයේ පුළුල් සංවර්ධනයක් සිදු වූ බවත්, ඒ සඳහා හොඳ අපනයන වෙළෙඳපොළක් ඇති වූ බවත්, 2017 වසරේදී පාවහන් හා සම්භාණ්ඩ අපනයනයෙන් රුපියල් මිලියන 18,480 ක් හෙවත් කෝටි 1,848 ක ආදායම් ලැබුණ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියිදීන් මහතා පැවසීය.

පසුගිය වසරේ දෙසැම්බර් 31න් ජාතික ආණ්ඩු ගිවිසුම අහෝසි වී ඇති බවත් මේ දක්වා ගිවිසුම දීර්ඝ නොකර ඇති බවත් මේ දක්වා ජාතික ආණ්ඩුව දීර්ඝ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත නොවී ඇති බවත් පෙන්වා දෙන හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ දෙසැම්බර් 31න් පසුව ආණ්ඩුව ගනු ලබන ඕනෑම තීරණයක් අනාගතයේදී වුවද නීතිය ඉදිරියේදී අභියෝගයට ලක් කළ හැකි බවයි.

ld add copy

Latest News

පොලිස් නිලධාරීන් 4,308 ක් සේවයෙන් ඉවතට

පොලිස් නිලධාරීන් 4,308 ක් සේවයෙන් ඉවතට

2020 වසරේ සිට මෙම වසරේ ජූනි 24 දක්වා වූ වසර 7කට ආසන්න කාලසීමාව තුළ විවිධ හේතූන් මත පොලිස් නිලධාරීන්...

Connet With Us