මාධ්‍යවේදීන්, මුලු රටේම ජනතාව , වෘත්තීය සමිති අාදී සියල්ල මර්දනය කරීමට ෙයාදා ගත් සුදු වෑන් සංස්කෘතිය පිළිබද පළමු වතාවට මිරිහාන පොළීසිය සොයා ගැනීමක් කර අැති බවත් මේ ඔස්සේ සුදු වෑන් සංස්කෘතියේ සුළ මුළ අනාවරණය කර ගත හැකි බව ජෝසෆ් මයිකල් පෙරේරා මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ එක්සත් ජාතික පෙරමුණු මධ්‍යස්ථානයේ අද(22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, හිටපු ඇමතිනී සුමේධා ජී. ජයසේන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ යන තිදෙනාට අද (22) මධ්‍යම රාති‍්‍රය වන විට තමන්ට අයත් පක්ෂ කාර්යාල පොලීසියේ ලියාපදිංචි කරගන්නා ලෙස දැනුම් දී අැත.

අයි.එස්.අයි.එස්. සංවිධානයෙන් සම්පූර්ණයෙන්ම අෑත්ව සිටින්නැයි සමස්ත ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ජම්ඉයිතුල් උලමා සංවිධානය පවසයි.

උතුරු මානුෂීය මෙහෙයුම අවසානයෙන් පසු තැන තැන තිබී සොයාගෙන මුලතිව් ප්‍රදේශයේ ගොඩගසා තිබූ වාහන දස දහසක් මීට වසර දෙකකට පමණ පෙර එක්තරා කණ්ඩායමක් විසින් යකඩවලට විකුණා දමා ඇතැයි හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

දක්ෂ නිවේදකයෙක් සහ ගීත රචකෙයක් වන කැලුම් ශ්‍රී මාල්ගේ මව අභාවප්‍රාප්ත වී අැත.

විමල් වීරවංශ මහතාට අයත් ලංකා සයිබර් නිව්ස් වෙබ් අඩවියේ අපූරු පුවත් දෙකක් පළ වී තිබුණි. ඉන් එකක් සඳන්ව තිබුණේ මහින්ද, ගෝඨා සිටින ආසන්නයේ හමුදා සිවිල් සෙබළුන් සමඟ සුදු වෑන් රියක් අත්අඩංගුවට… පරීක්‍ෂණ යට ගැසේ… කියා ය. අනෙකෙහි මහින්ද යන මඟ දුරස්ථ පාලක බෝම්බයක් හමුවේ.. යනුවෙන් සඳහන්ව තිබුණි.

සඳුදා රාත්‍රී 07.30 ට පමණ මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සුදුවෑන් රථය මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා මහතාගේ ආරක්ෂාවට යොදවා ඇති එකක් බව හෙළිවී තිබේ. මෙම වෑන් රථය WP JH 9244 දරන අංකය යටතේ ලියාපදිංචි කරඇති අතර එය යාපනය ප්‍රදේශයෙන් පැහැරගෙන ආ එකක් බව මිරිහාන පොලීසිය විසින් කරන ලද විමර්ශනයකදී හෙළිවී තිබේ.

අකු‍රැස්ස නගරයේ අද මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවැති ‍රැළියකට මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමේදී සන්ධානයේ පාක්ෂිකයකු විසින්ම රාජපක්ෂ මහතාගේ අත ඇගිල්ලක දමා තිබු විශාල ප්‍රමාණයේ මුද්ද අල්ලා මේ එල්ටීටීඊයෙන් ගත්ත රත්තරන් නේදැයි අසා ඇති බව එහි සිටි මාධ්‍යවේදියකු අප වෙත පැවැසීය.

ld add copy

Connet With Us