ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මධ්‍ය ආදායම් ලාභීන් සඳහා කඩිනම් නිවාස වැඩසටහන නමින් ක්‍රියාත්මක කරන නිවාස ඉදිකර විකිණීමේ ව්‍යාපෘතියෙන් රාජ්‍ය නිලධාරීන් සඳහා එම නිවාස මේවන විට මිලදී ගත හැකි බව දන්වා තිබුණද ඒ සඳහා හැකියාව ලැබෙන්නේ මාසිකව ලක්ෂයක වත් වැ‍ටුපක් ලබන රාජ්‍ය නිලධාරීන් සඳහා පමණක් බව දැන ගැනීමට තිබේ.

එජාප උප නායක රවී කරුණානායක මහතා එම පක්ෂයේ ළඟ නායකත්ව අනුප්‍රාප්තිකයා ලෙස නම් කොට මුදල් අමාත්‍ය ධුරය වෙනුවට වෙනත් ප්‍රධාන අමාත්‍ය ධුරයක්ද ලබා දීමට සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැරු උත්සාහයද අසාර්ථක වී ඇති බව 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පස්වරුවේ පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදී රැස්වූ අවස්ථාවේදී එම කමිටුව නියෝජනය කරන විද්වත් මණ්ඩලයේ ව්‍යවස්ථා යෝජනා කෙටුම්පත සභාගත කර තිබේ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරගැනීමේ සටනට අවතීර්ණය වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ජාතික තරුණසේවා සභාවේ සභාපතිවරයා gossip99 වෙබ් අඩවියේ කතුවරයාට මරණීය තර්ජන එල්ලකර ඇති බව වාර්තා වෙයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධුරයක් දැරීමට අයිතියක් නැති බව අභියාචනාධිකරණය අද(3) ප්‍රකාශයට පත් කර ඇත.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝානතය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සහ මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එල්ල වූ තවත් ප්‍රහාර ගණනාවක් පිළිබඳ විමර්ශනවලට ජනාධිපතිවරයා බලපෑම් කරමින් සිටින බවත් බුද්ධි අංශවලට සම්බන්ධව ඊනියා රණවිරුවන් ආරක්ෂා කිරීමට යැයි පවසමින් ජනාධිපතිවරයා මෙම බලපෑම් සිදු කරන බවත්. ජාතික මාධ්‍ය සංසදය අවධාරණය කරයි.

ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රීලනිපයේ බලය අත්පත් කර ගැනිමට මිස වෙනකක් වෙනුවෙන් කිසිදු අවධානයක් යොමු නොකළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තමන්ගේ ජනාධිපති කමේ කෙරුවාව දැන් වත් තේරුම් යායුතුය.

ld add copy

Latest News

අද පස්වරුවේ වැසි

අද පස්වරුවේ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි...

Connet With Us