ඩුබායිහි මැරියට් හෝටලයේ හිමිකරු ශ්‍රීලාංකිකෙයකු බවත් ඔහු සාමාන්‍ය රැකියාවකට ඩුබායි ගිය පුද්ගලෙයකු බවත් පසුව රාජපක්ෂ රෙජිමයේ පිහිටෙන් විශාල ධනවතෙකු වූ බවත් අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ අද(03) පැවති හෙළිදරව්ව 09 මාධ්‍ය හමුව අමතමිනි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදස් සන්ධානයේ නාමයෝජනා සහ කණ්ඩායම් නායකත්වය ලබා දෙන බව සඳහන් ලියවිල්ලකට මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා ඇති බව ජනාධිපති නිල නිවස්නෙන් ලැබෙන ආරංචි මාර්ග තහවුරු කරයි.
ඖෂධ නියාමන අධිකාරිය ස්ථාපනය තුළින් ඉදිරියේ දී වෙළෙඳ නාමයෙන් තොරව ඖෂධීය නාමයෙන් පමණක් රෝගීන්ට ඖෂධ නිකුත් කළ හැකි බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදස් සන්ධානයේ නාමයෝජනා ලබා දෙන බව මෛත්‍රීපාල සිරිසේන මහතා ලිඛිතවම සහතිකයක් ලබා දී ඇති බව ජනාධිපති නිල නිවසේන් ලැබෙන ආරංචි මාර්ග තහවුරු කරයි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉදිරි මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පත් කෙරුණු ව්‍යවස්ථාදායක සභාව අද (03) කථානායක චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ප්‍රථම වරට රැස්වුණි.කථානායකවරයාට අමතරව, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායකවරයා, අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න අද ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළේය.

