පසුගිය රාජපක්ෂ රෙජිමයේ වංචා දූෂණ නිමක් නැති බවත් රාජපක්ෂලා හෙන්චයියන් පොහොසතුන් බවට පත් කළ අාකාරය අනාවරණය වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති පක්ෂ සාමාජිකයින්ගේ හමුවේදීය.

1990 වසරේ සිට තවමත් ශ්‍රී ලංකා හමුදාව සතුව  අධි ආරක්‍ෂිත කලාප ලෙස පෞද්ගලික ඉඩම් අක්කර 5000ක් ඇති බව හින්දු පුවත්පත් වාර්තා කරයි. කෙසේවෙතත් බලධාරීන්, හමුදාව  සතුව පවතින මෙවැනි ඉඩම් පිළිබඳ හෙළි කිරීමෙන් වැළකී සිටියි.

දූෂිත රාජපක්ෂ පවුල් ආණ්ඩුව නැවත බලයට ගෙන එම වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙමින් සිටින එම රාජපක්ෂ කල්ලියේ ජේෂඨයෙකු වන වාසුදේව නානායක්කාර සිය දේශපාලන ඉතිහාසය පුරා ගොඩ නගා ගෙන තිබු අන්තිම 'වැදගත්' පොඩ්ඩද ඊයේ විනාශ කර ගත්තේය.

යාපනය කයිට්ස් පුන්කුඩතිව් පාසල් සිසුවිය සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලබන මස කයිට්ස් පොලිසියේ කොස්තාපල්වරියක හා විවාහ ගිවිස ගැනීමට සූදානමින් සිට තිබෙන බව වාර්තා වෙයි.

'පතුළ' වෙබ් අඩවියේ සංස්කාරක ජයම්පති බුලත්සිංහල මහතාගේ ආදරණීය මෑණියන් වන ඇම්. බණ්ඩාර මැණිකා මහත්මිය ඊයේ (21) අභාවප්‍රාප්ත වී ඇති අතර ඇයගේ අවසාන කටයුතු වාරියපොල බමුණාකොටුව දඹලියද්ද පොදු සුසානභූමියේදී හෙට සවස 02.30 ට සිදුකිරීමට නියමිතය.

සෑම  දිනකම ස්වයං වින්දනයේ  යෙදෙන පුද්ගලයන්ට  පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවධානම අඩු බව විශේෂඥයන් පවසයි.

යාපනය උසාවියට හානි කරමින් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 130 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

නව රජය අධිවේග මාර්ග ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තු ගත වියදම් අඩු කිරීමට  බලාපොරොත්තුවෙන්  සිටින බව මහාමාර්ග අමාත්‍යංශය පවසයි. ඔවුන් පවසන පරිදි මෙම ව්‍යාපෘති ඉක්මණින් අවසන් කිරීමේ සහ වියදම් අවම කිරීමේ අරමුණින් ඉදිකිරීම් කරන සමාගම්වල උපදෙස් පරිදි විශේෂ වෙනස්කම් සිදු කිරීමට බලාපොරොත්තු වේ. 

ld add copy

Connet With Us