පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් හතරක් ලැබී තිබේ.

අද (22) දිනය තුළ වාර්තා වු අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වී ඇති අතර, එය සෙල්සියස් අංශක 3.5ක් බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නව දේශපාලන පක්ෂ 5ක් ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබේ.

අක්‍රමවත් ලෙස සිදුකරන ස්ථානමාරු කිරීම්වලට විරෝධය පළ කරමින් අද (22) දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (22) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

හෙට (23) දින සිට, පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කෙරේ.

ගංවතුර හා මෝසම් වර්ෂාවෙන් පසු මඩකලපුව දිස්ත්‍රික්කයේ ඩෙංගු උණ සීඝ්‍රයෙන් පැතිරයමින් පවතින බව මඩකලපුව ප්‍රදේශීය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

මෙරට ජීවත්වන ජනතාවට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව ‌සෞඛ්‍ය සේවා රැකවරණ පද්ධතියේ ප්‍රශස්ත ප්‍රතිලාභ වඩාත් සමීපව භුක්ති විදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා දිවයින පුරා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ වැඩසටහනේ නියමු ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මධ්‍යස්ථාන 42 ක් ජනතා අයිතියට පත් කිරිම ලබන 24 දින දිවයින පුරා දිස්ත්‍රික්ක 21 දී සිදු කෙරේ.

ld add copy

Latest News

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින්...

Connet With Us