අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 04ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

LTL හෝල්ඩිංග්ස් සමාගම විසින්, මෑතකාලීන අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පවුල්වලට සහාය වීම සඳහා දිවයින පුරා සහන වැඩසටහනක් දියත් කර ඇති අතර, "LTL මනුස්සකම" (LTL Humanity) යන නව වැඩසටහන යටතේ ක්‍ෂණික සහය මෙන්ම දිගුකාලීන යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්න දෙකටම සහයෝගය දක්වනු ඇත.

වැඩි මිලට පානීය ජල බෝතල් අලෙවි කළ නිවාඩු නිකේතනයකට හා ආයතනයකට රුපියල් මිලියනය බැගින් දඩ මුදල් පැනවීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 13 වැනි බස්නායක නිළමේවරයා ( නිළවරණයෙන්) තොරාපත් කර ගැනීමේ නිළ වරණය හෙට (09) මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි පෙරවරු 10ට බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා ගේ අධික්ෂණය යටතේ සිදු කිරීමට නියමිතය.

පැවති ආපදා තත්ත්වය හමුවේ මෙරට සිටින සංචා­රක ප්‍රජා­වට කිසිඳු අන­තු­රක් හෝ හානි­යක් සිදුවී නැතැයි අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පැව­සු­වාය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සත්ත්ව ගොවිපොළක, ගංවතුර හා විදුලිය ඇණහිටීම නිසා මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වූ මස් කි.ග්‍රෑ. 12,000ක ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් අද (7) මුද්‍රා තබන ලදී.

දිට්වා සුළි කුණාටුව වැනි හදිසි ආපදා තත්ත්වයකින් පසු පුද්ගලයන් හෘදයාබාධවලට ලක්වීම සියයට 40 කින් පමණ ඉහළ යා හැකි බව ජාත්‍යන්තර අධ්‍යයනවලින් තහවුරු වී ඇතැයි හෘද විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ පැවැසීය.

දිවයිනේ සියලුම ජලාශවල ජල මට්ටම් සාමාන්‍ය ජල මට්ටමක් කරා පැමිණෙමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Latest News

බොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ සීඝ්‍රෙයන් ඉහළ ගිය බොරතෙල් මිල මේ වනවිට පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Connet With Us