මේ මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය එළැඹෙන සඳුදා දිනයේ දී ප්‍රකාශයට පත්කරන බව එම සමාගම දැනුම්දෙයි.
රු. කෝටි 16 ක් යටි මඩි ගහගත්ත කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය හොරු 35 ක්
කොළඹ විශ්ව විද්‍යාලයේ බැඳුම්කර ගිවිසුම් කඩකළ ආචාර්යවරුන් 35 දෙනෙකුගෙන් රුපියල් 159,907,138 ක මුදලක් එම විශ්ව විද්‍යාලයට අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය කොළඹ විශ්ව ව්ද්‍යාලය සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවක් මගින් අනාවරණය කරයි.
ගිය නුවණ ඇතුන් ලවා අද්දවන්න එජාපයේ මහ ලේකම් ධුරය තලතාට දෙයි
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ.
පොලිස් රෝහලට පැමිණෙන රෝගීන්ට නිකුත් කරන ඖෂධ අද සිට සීමා කෙරේ
ඖෂධ හිඟය හේතුවෙන් නාරාහේන්පිට සහ කුණ්ඩසාලේ පොලිස් රෝහල්වල සායනවලට පැමිණෙන රෝගීන්ට නිකුත් කරන ඖෂධ අද (03 වැනිදා) සිට සීමා කරන ලෙස පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා විසින් එම රෝහලේ සියලුම වෛද්‍යවරුන්ට දැනුම්දී ඇත.
ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් ලබන 8 වැනිදා ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
මීගමුව කොටුව ක්‍රීඩාංගණය අසළ නිෂ්පාදනය කරන ඇතැම් කරවල ප්‍රමිතියෙන් තොර බව අනාවරණය වී තිබේ.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉතාලියේ ශ්‍රි ලංකිකයන්ගේ රියදුරු බලපත්‍ර ගැටලුවට මේ ආණ්ඩුවෙනුත් විසඳුමක් නැහැ.
ඉතාලියේ ඉතාලියේ ස්ථීර පදිංචිය ශ්‍රී ලාංකිකයන්ට කලකට පෙර මෙරට වලංගු රියැදුරු බලපත්‍රය භාවිතා කරමින එරට වාහන ධාවනයේ යෙදීමේ අවසරය ලැබී තිබිණි. නමුත් වසර තුනක පමණ කාලයක සිට මෙරට බලපත්‍රය ඉතාලියේ පාවිච්චි කිරීමේ අවසරය යළි අහිමිව ඇත. මේ නිසා ඉතාලියේ රියැදුරන් ලෙස රැකියාව කළ පිරිසකට රැකියා අහිමි විම සහ තම ප්‍රවාහනය වෙනුවෙන් පෞද්ගලික වාහන පාවිච්චි කළ බොහෝ පිරිසකට එම වාහන ගෙදර තබා පයින් යෑමට සිදුව තිබේ.