වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගන්නා ඔක්සිජන් ටොන් 100 ක තොගයක් පැටවු කන්ටේනර් පහකින් සමන්විත නෞකාවක් ඉරිදා (22) වන විට මෙරටට ළඟා වීමට නියමිතව තිබේ.

ලාෆ් සමාගමේ ගෑස් සිලින්ඩරයක මිල වැඩි වීමට සමානව ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල වැඩි කිරීමට ලිට්‍රෝ සමාගම විසින් ලිඛිතව ඉල්ලීමක් කර ඇතැයි පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා පැවසීය.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කිරීමට නියමිත, ක්ෂණික ඇමතුම් අංක 1998 ඇමතීමෙන් රු.1998/=ක් වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ මල්ලක් නිවසටම ගෙන්වා ගැනීමේ නිල සමාරම්භක අවස්ථාව අද දින වෙළෙඳ අමාත්‍යාංශයේදී සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමත් සමග අන්තවාදී සංවිධාන හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මෙරටට හා කලාපයට ඇති බලපෑම සම්බන්ධව විශේෂ අවධානය යොමු කිරීමට ආරක්ෂක අංශ තීරණය කර ඇත.

කොවිඩ් වසංගතයේ බලපෑම අවම කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ සැප්තැම්බර් මස 30 වන දා වන විට වයස අවුරුදු 18ට වැඩි සියලුම පුද්ගලයන් එන්නත් කොට අවසන් කිරීමට රජය සැලසුම් කර තිබේ.

නිවෙස්වල ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයන්ගේ අධීක්ෂණ කටයුතු සඳහා ඉදිරි සති කිහිපය ඇතුළත වෛද්‍යවරු 1500ක ප්‍රමාණයක් යෙදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,000 සීමාවට පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නිවෙස් නිරෝධායනයට යොමු කර සිටින ජනතාව වෙනුවෙන් සහන මල්ලක් ලබාදෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ld add copy

Latest News

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්ත...

Connet With Us