හොටල්, භෝජනශාලා, රාත්‍රී සමාජ ශාලාවල සංවිධානය කරනු ලබන ප්‍රිය සම්භාෂණ, රැස්වීම් හා අනෙකුත් දෛනික උත්සව අද (01) සිට රාත්‍රී 10න් පසු පැවැත්වීම තහනම් කර තිබේ.
එම තහනම සති දෙකක් පුරා පවතින බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකශ කරන්නේ.
මේ වන විට රට තුළ පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.
-පංචාලි අබේසේකර
ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් රටේ ජාතික ආරක්ෂාවත් ,ස්වෛරීත්වයත් තහවුරු කර ඇති බව කම්කරු දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සදහන් කර තිබෙනවා.
අත්‍යාවශ්‍ය පරිභෝජන ද්‍රව්‍ය ඇතුළත් රු 1000ක මිලට “සතොස සහන මල්ල - 2වන අදියර මැයි මාසයේ සිට ලබාදීමට නියමිත බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර ඇත.
කොවිඩ් ආසාදනය වී අසාධ්‍ය වන රෝගීන්ට හදිසි ප්‍රතිකාර සේවාවන් ලබාදීම සදහා ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ (KDU) දැඩි සත්කාර සේවා ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේනවා.
රටපුරා දැඩිව පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මංගල උත්සව ඇතුළු සියලු උත්සව එළඹෙන සඳුදා දිනයෙන් පසු සති දෙකක කාලයක් තුළ පැවැත්වීම තහනම් කර තිබේන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දෙයි .
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඉන්දියාවේ කේරළය සමග පැවති සම්බන්ධතා පිළීබඳ ව ඉන්දීය ආරක්ෂක අංශ විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
මෙරටට පැමිණෙන්නන්ගේ නිරෝධායන කාල සිමාව දිර්ඝවන ලකුණු !
විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාල සීමාව දිර්ඝ කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.
වහාම ඉන්දියාවෙන් පිට වෙන්න ! ඇමරිකාව ඉන්දියාවේ සිටින ඇමෙරිකානු පුරවැසියන්ට දැනුම්දෙයි !
මේ වන විට ඉන්දියාවේ රැදී සිටින ඇමෙරිකානු පුරවැසියන්ට ඇමෙරිකා එක්සත් ජනපදය රජය විසින් විශේෂ දැනුම් දීමක් සිදුකර තිබේ.