පසුගිය රජය විසින් ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ඔවුන්ගේ දේශපාලන හිතවතුන් සීමිත පිරිසකට පමණක් ලබාදුන් බව මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.අද (11) විදේශ කටයුතු අමාත්‍යංශයේදී 150 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ලබාදීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රටේ සුභසාධනය වෙනුවෙන් ආණ්ඩුව සිදුකරන ක්‍රියාවලියට විපක්ෂයද සහය දැක්විය යුතු බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන් පවසයි.වත්මන් ආණ්ඩුවේ දින සියයේ වැඩපිළිවෙළ පිළිබඳ සෑහිමකට පත්විය හැකි බවද උන්වහන්සේ සදහන් කරයි.

හිටපු අගමැතිවරුන් වන රත්නසිරි වික්‍රමනායක මහතා හා දී.මු. ජයරත්න යන මන්ත්‍රීවරුන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ දේශපාලන උපදේශකයෝ ලෙස පත් කළ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

ව්‍යවස්ථාපිත නෛතික ප්‍රතිපාදන හරහා පෞද්ගලික අංශය සඳහා සිදුකෙරෙන යම් අනිවාර්ය පඩි වැඩිකිරීමක් නිසැකවම අත්තනොමතිකා හා නිදහස් වෙළඳ ආර්ථිකයේ මුලිකාංග වලට පටහැනි වන අතර එම පදනමේ සිට ලංකා සේව්‍ය සම්මේලනය මෙම පඩි වැඩි කිරීමේ යෝජනාව තරයේ හෙලා දකින බව එහි අධ්‍යක්ෂ ජනරාල් රවී පිරිස් මහතා ඊයේ (8) වන දින ජිනීවා නුවර පැවැත්වෙන ලෝක කම්කරු සමුළුව අමතමින් ප්‍රකාශ කළේය.

විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය කාර්යාල සියල්ලම පාහේ මේවන විට වසා දමා ඇති බව වාර්තාවේ.

දුම්රිය තාක්ෂණ ශිල්පී සේවයේ තනතුරු 22 ක් සදහා MT-2 වැටුප් තලය ලබා දීමට කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර හා අමාත්‍යාංශ ලේකම් ලලිත් ගුණවර්ධන මහතා එකගවී අැති බව දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය සදහන් කරයි.

අවම බස් ගාස්තුව රුපියල් 10ක් ලෙසත් අනෙක් ගාස්තු 10% කිනුත් ඉහළ දමන ලෙසට බස් සංගම් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටීමට සැලසුම් කර අැත.

මහනුවර ශ්‍රී දළදා මාලිගයේ පෙරහැර මංගල්‍යය සඳහා අලි ඇතුන් යොදාගැනීමේදී ගැටලු උද්ගත වී තිබේ.

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us