දැරියක දූෂණය කර මරා දමා ඇත. ඒ ගැන විවාදය ඒ සිද්ධියට වඩා බරපතලය. වැඩි දෙනෙකු කියන්න මේ අපරාධකාරයාට මරණ දඬුවම ලබාදිය යුතු බවය. ඊට එරෙහිව කරුණු මතු කරන අයද සිටී. එහෙත් අපරාධකාරයා මරා දැමිය යුතු බව මේ සිංහල බෞද්ධ සමාජයේ පොදු පිලිගැනීමය. ඒ අනෙක් ජාතියක ආගමක මතය නොවේ ඇයි අප කියන්නේ නැත.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා මහින්දවාදි කොටස් වෙනම සන්ධානයක් ගොඩනාගාගෙන ඉදිරිපත්වීම සඳහා ගත් උත්සාහය ලත් තැනම ලොප් වී ඇතැයි වාර්තාවේ.

හිටපු ක්‍රිකට් නායක හා සුපිරි පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්, පෙර විවාහයේ දරුවා වෙනුවෙන් වසර තුනක කාලයක් ජීවිත රක්ෂණ වාරික නොගෙවීම හා මාසිකව ගෙවන රුපියල් විසිදහසක නඩත්තු නොගෙවීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අල්ලාගෙන ඔහුට, වෙබ් අඩවි මඟින් මඩ ගසන බව, ඩිල්ෂාන්ගේ නීතීඥයන් අධිකරණය හමුවේ පැවැසීමේදී ඊට විනිසුරුවරයා සිනහවකින් සංග්‍රහ කර ඇති බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියා අගමැති ටෝනි ඇබට් ලිබරල් පක්ෂ නායකත්වය සඳහා පැවැති ඡන්දෙයන් මනාප 44ක් ලබාගෙන පරාජයට පත්ව ඇත. ඔහුගේ ඇමැති මණ්ඩලයේ මැල්කම් ටර්න් බුල් ඡන්ද 54ක් ද ලබා ටෝනි ඇබට්ට වඩා ඉදිරියෙන් සිටියි.

දූෂණ අක‍්‍රමිකතා සහ රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සභා නායක ලේකම්වරයාට නියෝග කර ඇත.

මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ අද (14දා) සහ හෙට (15දා) රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රි ලංකා යුධ හමුදාව යටතේ ක්‍රියාත්මක වන සෙනෙහස ළමා නිවාසයේ සිදුව ඇතැයි කියන ළමා ලිංගික අපයෝජන පිළිබඳ සිද්ධිය යට ගැසීම සඳහා යුද හමුදාවේ හිටපු ප්‍රධානියකුගේ බිරිඳකගෙන් හා වත්මනේ ඉහළ තනතුරු හොබවන්නකුගෙන් බලපෑම් සිදුවෙමින් තිබෙන බව වාර්තාවේ.

හිටපු නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයෙකුවන ඉන්දික ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ld add copy

Latest News

වැඩි මිළට පානීය ජල බෝතලයක් අලෙවි කළ හෝටලයකට රු.ලක්ෂ 10ක දඩයක් !

වැඩි මිළට පානීය ජල බෝතලයක් අලෙවි කළ හෝටලයකට රු.ලක්ෂ 10ක දඩයක් !

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලකට පානීය ජල බෝතලයක් අලෙවි කළ හපුතලේ ප්‍රදේශයේ හෝටලයකට බණ්ඩාරවෙල මහේස්...

Connet With Us