එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර නාමයෝජන ලබා ගැනීමට නොහැකිව සිටින දේශපාලන පක්ෂ නියෝජිතයන් එකතු කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් නව පක්ෂයක් ගොඩ නැගීමට ගත් අවසන් උත්සහයත් අද අසාර්ථක වී තිබේ.

වත්මන් රජය යටතේ ද විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි නොකරන අතර එම ධුරයෙහි පවතින අසීමිත විධායක බලය පමණක්‌ අඩු කිරීමට නියමිතය.

සියලූ බස් ගාස්තු අද සිට සියයට 8 ත් 10 ත් අතර ප‍්‍රතිශතයකින් පහත බසී. ඒ අනුව රුපියල් 9 ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 8 දක්වා රුපියලකින් අඩු කිරීමට නියමිතය.

අතුරු අයවැයෙන් හඳුන්වාදුන් මන්දිර බද්ධ සංශෝධනය කිරීමට රජය තිරණය කර අැත. එ් අනුව ඉදිරියේදී මෑත කාලයේ ඉදි වූ ගොඩනැගිලිවලට පමණක් අදාළ වන පරිදි මෙම බද්ධ සංශෝධනය කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසුවේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා භාරයේ සිටි අලි පැටවුන් දෙදෙනෙකු වනජීවි දෙපාර්තමේන්තුවට යළි භාරදී අැත.

නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදීමේ වැඩපිලිවෙල කඩිනම් කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී අැත.

ගුවන් සේවා අමාත්‍ය, ෆයිසර් මුස්තාපා මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර අැත.

නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිගරු, අති උතුම්, ශ්‍රීමත්, ජනාධිපති උතුමාණන් වැනි විශේෂණ තමා හැඳින්වීමට යොදා නොගන්නා ලෙස රජයේ නිලධරයන්ට හා මහජනයාට නිල වශයෙන් දැනුම්දෙන බව අද ප්‍රකාශ කළේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us