ජාතික රූපවාහිණියේ ඉරිදා ආයුබෝවන් වැඩ සටහනට සහභාගි වූ සෞම්‍ය ලියනගේ, දීපානි සිල්වා ,නිරෝෂා විරාජිණී සහ ජෙහාන් ශ්‍රිකාන්ත යන කලාකරුවන් මෙවර දේශපාලන වේදිකාවට ගොඩවූයේ ඇයිද යන්න පිළිබඳ සාකච්ජා කරමින් සිටින මොහොතේ දී ජනාධිපති මෛත්‍රීපාල සිිරිසේන මහතා මහනුවරදී ආගමික වතාවත් හී යෙදීම ප්‍රදර්ශනය කරණු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අම්බලන්ගොඩ පිහිටි සිය නිවසේ නීතිවිරෝධී ලෙස රඳවාගෙන සිටි අලියකු හික්කඩුව වනජීවී නිලධාරී අසංක ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් විසින් සිය භාරයට ගෙන තිබේ.
"අපි කිසිසේත්ම ආණ්ඩුවට සම්බන්ධ වෙන්නේ නැහැ. ඇමතිධුර බාර ගන්නෙත් නැහැ. ජනතාව අපෙන් අපේක්‍ෂා කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම, යහපාලනය ඇතිකිරීම, වංචා දූෂණ විරෝධී කි‍්‍රයාමාර්ග ගැනීම වගේ මූලික කටයුතුයි. ජනතාවගේ ඒ අපේක්‍ෂා ඉටුකිරීමට දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපට වගකීමක් තිබෙනවා. ඒවගේම රටේ ජනතාවටත් වගකීමක් තිබෙනවා, මේ දින සියය තුළ මේ ක‍්‍රමය යටතේ ලබාගත හැකි ජයග‍්‍රහණ ලබාගැනීම වෙනුවෙන් කටයුතු කරන්න. 
 ප්‍රංශයේ දිනපතා පළවන හා නොමිළේ බෙදා හරින ඩිරෙක්ට් මැතෑන් නම් පුවත් පතේ 12 වෙනි සදුදා කළාපයේ ශ්‍රී ලංකාවේ හමුදා කුමන්ත්‍රනයක් සිදුවීමට ගිය බව සදහන් පුවතක් පලවී ඇත්තේය. 

නව කැබිනට් මණ්ඩලය අද දින දිවුරුම් දුන්නද අත්‍යවශ්‍ය ඇමැතිධුරයක් වූ ක්‍රීඩා ඇමැති ධුරය ගැන සඳහනක් නොවීය.

මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ නව රජයේ කැබිනට් මණ්ඩලය අද සවස ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙන ලදී. 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන  දමින්ද මනොජ් රාජපක්ෂ මහතා මේවන විට ‍රැකියාව කරන්නේ  ආනන්ද ක්‍රිශ්නන් නම් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා සභාපතිත්වය උසුලන   මලයාසියාවේ මැක්සිස් සමූහයට අයත් ඇස්ට්‍රෝ (astro) සමාගමේය. එම ආයතනයේ බහුතරයක් කොටස් ඇත්තේ කේපී හෙවත් කුමරන් පද්මනාදන්ටය. ඒ කොටස් ඔහු ලබා ගත්තේ එවකට එල්ල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් එහි මුදල් ආයෝජනය කරමින්ය.

තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එරෙහිව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංග ආරච්චි මහතා ගොනු කළ පැමිණිල්ල සලකා බැලු කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය එම පැමිණිල්ලේ වග උත්තර කරුවන් ලෙස නම් කැර ලැබ සිටින හිටපු ජනපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනකුට මෙම මස 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග කරමින් නොතීසි නිකුත් කළේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us