යතුරු පැදියේ සිට ලක්ෂ 5ක් වටිනා පිළිකා එන්නත් විකුණු අයෙක් මාට්ටු
රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකය අසල මාර්ගයේ යතුරු පැදියක සිට පිළිකා රෝගීන්ට දෙන රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා එන්නත් හා ඖෂධ වර්ග 16ක් අලෙවිකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 4වන දින සිට දෙසැම්බර් මස 18 වන දින දක්වා සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සෞඛ්‍ය ඇමති විදියට මාව පත් කළේ නැත්තටම නැති කරන්න - මෛත්‍රී කියයි
සෞඛ්‍ය අමාත්‍ය ධුරයට 2010 වසරේදී තමාව පත් කළේ දේශපාලන වශයෙන් නැත්තටම නැති කරන්නට යැයි හිටපු ජනාධිපති, පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී ඊයේ (30) පැවසීය.
ඉතිහාසයේ පළමුවරට කෙටිම කලකින් කඩඉම් ලකුණු නිකුත් කිරීම අදයි
විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ කඩඉම් ලකුණු අද (01) නිකුත් කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පෙරේදා (29) මූලික එකඟතාවන්ට පැමිණි බව පාර්ලිමේන්තුවට සතුටින් දැනුම් දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (30) පැවසීය.
අධිකරණ නියෝගයට අනුව ජෙරොම් ප්‍රනාන්දු ගෙන් CID ය පැය 8 ක් ප්‍රශ්න කිරීම්
බුදු දහමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදුකරමින් ආගමික සංහිඳියාවට හානි කළ බවට චෝදනා එල්ල වී සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) පැය 08ක් පුරා දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය.
ප්‍රමිතියෙන් තොරව HUMAN IMMUNOGLOBULIN නමැති ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් කෙරන විමර්ශනයට අදාළව හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්තන් CID ඊයේ (30) පැය 4කට ආසන්න කාලයක් ප්‍රශ්න කරනු ලැබීය.
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට SINOPEC සහ IOC සමාගම් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කළ මිල ගණන්වලට සමාන වන අයුරින් මිල සශෝධනය කර ඇති බව සඳහන් වේ.