දේවගැති ජෙරම් ප්‍රනාන්දු විදේශගතව සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපොළේදී ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස දක්වමින් අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර තිබේ.

අධ්‍යාපනයේ, ආර්ථිකයේ, සෞඛ්‍යයයේ සහනාධාර ජනතාවට ලබාදීම සඳහා රුපියල් ට්‍රිලියනයක මුදලක් මෙවර අය වැයෙන් වෙන් කර ඇතැයි සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ   පැවසීය.

මෙවර නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ඉහළම ලකුණු ලැබූ දරුවන් 05 දෙනෙකු ගැන වාර්තා වී ඇත.

අයවැය පරාජයට පත් වීම යළි රට ආපස්සට හැරවීමක් බවත්, එවන්නක් සිදු කිරීමට පාර්ලිමේන්තුව තුළ සිටින කිසිදු මන්ත්‍රීවරයකුට අවශ්‍යව ඇතැයි තමා නොසිතන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසා ඇත.

සීනි සහ තිරිගු පිටි ආනයන සීමා සහ බදු සංශෝධන හේතුවෙන් බදු ආදායම් අහිමිවීම පිළිබඳ අවධානය යොමුකර ඒවා යළි අය කරගැනීමට ඇති හැකියාව පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

ගෙවී ගිය මාස තුනක කාලය තුළ නීති විරෝධී කුෂ් සහ හශීස් යන මත්ද්‍රව්‍ය ඇතුළත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක් රේගු භාරයට ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

දැනට අත්‍යවශ්‍ය ඖෂධ 100ක් මිල පාලනයට යටත් කර ඇති බැවින් තවත් ඖෂධ 100කට මිල පාලනයක් වහාම ගෙන ඒමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ පාර්ලිමේන්තුවේදී ඊයේ (16) පැවසීය.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙන අතර www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 332,949ක් පෙනී සිටි අතර ඉන් 50,664 දෙනෙකු කඩයිම් ලකුණු අබිබවා තිබේ.

එමෙන්ම ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්කවලට අදාළ සිංහල සහ දෙමළ මාධ්‍ය කඩයිම් ලකුණු ද නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කොළඹගම්පහකළුතරමහනුවරමාතලේගාල්ලමාතරකුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍ය කඩයිම් ලකුණු සීමාව 154ක් වෙයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කඩයිම් ලකුණු සීමාව 150ක් වන අතර පොළොන්නරුවබදුල්ලමොනරාගල යන දිස්ත්‍රික්කවල එම සීමාව ලකුණු 149කි.

අම්පාරපුත්තලමඅනුරාධපුර යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩයිම් ලකුණු සීමාව 148ක් වන අතර වවුනියාමන්නාරමමුලතිව් යන දිස්ත්‍රික්කවල එම සීමාව දක්වා ඇත්තේ ලකුණු 145ක් ලෙසය.

යාපනය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය කඩයිම් ලකුණු සීමාව 145ක් වන අතර කිළිනොච්චි දිස්ත්‍රික්කයේ එම සීමාව ලකුණු 144කි.

කොළඹගම්පහකළුතරමහනුවරමාතලේගාල්ලමාතරකුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා දෙමළ මාධ්‍ය කඩයිම් ලකුණු සීමාව ලකුණු 147ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳ නැවත පරීක්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නම් නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් මස 4වන දින දක්වා මාර්ගගතව අභියාචනා ඉදිරිපත් කිරිමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රතිඵල සකස් කිරීමේදී දිස්ත්‍රික් මට්ටම් (District Rank) හෝ දිවයින් මට්ටම් (Island Rank) නිකුත් කරනු නොලැබෙන බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us