දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 360 සඳහා සීමාවන්ට යටත්ව එන්නත් නිකුත් කරන තත්ත්වයකදී ඉලක්ක ගත කණ්ඩායම්වලට වඩා දෛනිකව වැඩි පිරිසක් එන්නත්කරණයට පැමිණීම නිසා අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවකුට ‘ටොසිලිසුමාබ්’ නමැති එන්නත රුපියල් ලක්ෂ අටක් ගෙවා දෙමටගොඩ ප්‍රදේශයෙන් ලබාගෙන ඇති බව අනාවරණය වේ.

පළිබෝධනාශක යළි ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත. වී වගාවේ දුඹුරු පැළ කීඩෑ හානිය, බඩඉරිඟු වගාවේ සේනා දළඹු හානිය, අර්තාපල් වගාවේ දිලීර වැනි එක් එක් වගාවන්ට ආසාදනය වන විශේෂිත වසංගත රෝගවලට අවශ්‍ය පළිබෝධනාශක ආනයනය කිරීමට නියමිතය.

තවත් ස්පුට්නික් V එන්නත් මාත්‍රා තොගයක් අද (31) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.

ශ්‍රීලංකාව තුළ මේ වන විට සීග්‍රයෙන් පැතිර යන කොරෝනා වසංගතයට අභියෝග කරමින් මෙරට එන්නත්කරණය දිනෙන් දින සාර්ථකව ඉදිරියට ඇදෙමින් ඇත.

මෙරට කොවිඩ් 19 වෛරස් ආසාදිතයන් අතුරින් තවත් 14,394 ක් සුවය ලබා තිබේ.

ඒ අනුව කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව අද (30) 371,992ක් ලෙස යාවත්කාලීක කර තිබේ. දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 50,752 කි.

බස්නාහිර පළාතේ කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගල්යින්ට සහ නිරෝධනයට ලක්වන පුද්ගලයින් සිටින නිවෙස් වලට ආයුර්වේද ඖෂධ නොමිලේ බෙදාදීමේ වැඩසටහනක් බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් අද (30) ක්‍රියාත්මක කෙරිණි.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා හේතුවෙන් ආරම්භ කරන ලද මාර්ගගත (online) වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා අදට (30) දින පනහක් සපිරෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ප්‍රකාශ කර ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us