ආයුර්වේද ඖෂධ අලෙවිසල් විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබා නොදීම හේතුවෙන් ආයුර්වේද වෛද්‍යවරුන් සහ ආයුර්වේද ඖෂධ භාවිත කරන රෝගීහු දැඩි අසීරුවකට පත්ව ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සඳහන් කරයි.

සංකූලතා පවතින ගැබිනි මව්වරුන්ට ප්‍රමුඛතාව ලබාදී එන්නත්කරණය ඉදිරියේදි ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඊට අදාළ චක්‍රලේඛ සකස් කරමින් තිබෙන බවත් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා ප්‍රකාශ කර තිබෙනවා .

දිවයින පුරා පිහිටි සතොස අලෙවි සැල් අද (03) සිට දිනපතා විවෘතව තබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන නිවේදනය කර තිබෙනවා.

ගිනිගත් නැවෙන් ධීවරයන්ට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් එම නැව් සමාගමට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඊයේ (02 වැනිදා) ප්‍රකාශ කර සිටියා.

ජූනි 06 වනදා සහ 09 වනදා සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන එක බැගින් ශ්‍රී ලංකාවට සැපයීමට චීනයේ එම එන්නත් නිෂ්පාදන සමාගම සහතික වී තිබේ.

කොළඹ දී අද (02) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

සංචරණ සීමා පනවා ඇති කාලය තුළ වෙළෙඳසල් විවෘත කර භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බැවින් ඒ පිළිබඳ පොලිස් කොට්ඨාස මට්ටමින් විමර්ශන වාර්තාවක් කැඳවීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.

ලබන 2022 පළමු ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුලත් කරගැනීමේ අයදුම්පත් කැඳවීමේදී එක් පන්තියක සිටිය යුතු ළමුන් සංඛ්‍යාව 35ක් විය යුතු බවට ලබාදුන් අධිකරණ නියෝගය උල්ලංඝනය කරමින් එක් පන්තියක් සඳහා ළමුන් 40ක් ඇතුළත් කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

කොළඹ වරායට ආසන්න මුහුදේ දී ආපදාවට ලක් වූ “එක්ස් - ප්‍රෙස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ හමුවේදී තීරණය කෙරිණ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us