අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පී ටෝනි රණසිංහ මහතාගේ දේහය මහජන ගෞරවය පිණිස 2015.06.19 වන දා  එනම් හෙට දින මධ්‍යහන 12.00 සිට ප. ව. 2.00 දක්වා  ජාතික කලා භවනේ තැන්පත් කිරීමට කටයුතු යොදා ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමේ සටනේ ප්‍රමුඛයන් වූ විමල් වීරවංශ උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර හා දිනේෂ් ගුණවර්ධන මේ වන විට එම සටනේ පසුපෙළට ඇද දමා ශ්‍රීලනීපයේ පිරිසක් ඉදිරියට ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

මෙරට ජනතාව කිසිසේත් නැවත හොර කල්ලියකට රට භාර දීමට සූදානම් නැති බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.ඔහු මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ජනතාව මත බර පටවන ,මහජන දේපල ගසා කන,සුදුවෑන් වලින් මාධ්‍යවේදීන් පැහැරගන්නා ආණ්ඩුවකට ජනතාව යළි ජනවරමක් ලබා නොදෙන බවත් මේ වන විට ඔවුන් ප්‍රතික්ෂේපවී හමාර බවත් පැවසුවේය.

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ගල්ගමුව ආසනයේ ඇහැටුවැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නාකොලගනේ කැලෑ කොටස මේ වන විට බහු ජාතික සමාගම් කිහිපයක් විසින් සහමුලින් වනසා දැමීම අරඹා ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යාංශය විසින් පරිප්පු ආනයන බද්ද අඩු කර ඇත. පොල්තෙල් නොවන වෙනත් ආහාරයට ගන්නා තෙල් වර්ග (පාම් ඔයිල්) සඳහා අයකරන ආනයන බද්ද වැඩි කර ඇත.

මහනුවර දළදා මාළිගාවේ ඇසල පෙරහැර සඳහා අලිඇතුන්ගේ කිසිම ගැටලුවක් නොමැති බව දියවඩන නිලමේවරයා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඇරඹෙන නව පක්ෂයේ මංගල සමුළුව ජුනි 27 වැනිදා කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධීකාරි මණ්ඩල රැස්වීමක් හෙට(19) පැවැත්වීමට නියමිතය.

ld add copy

Connet With Us