ශ්‍රී ලංකා වෙළෙඳ පොළේ ඇති නූඩ්ල්ස් සාම්පල පරීක්ෂාවෙන් ලැබුණු වාර්තා අනුව එම ආහාරවල අඩංගු ඊයම් ප්‍රමාණය වෙනත් රටවල මෙවැනි ආහාරවල අඩංගුවිය හැකි බවට නිර්දේශ කර ඇති ඊයම් ප්‍රමාණයට සාපේක්ෂව අඩු ප්‍රමාණයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ(25) රාත්‍රියේ කතානායක නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක් පැවැති බවට පළවූ මාධ්‍ය වාර්තා අසත්‍යයක් බව 
 ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ සොයා බැලෙන පාර්ලිමේන්තු කෝප් කමිටුව හමුවේ සාක්‍ෂි දීමට කැඳවන මෙන් තමා එම කමිටුවෙන් ඉල්ලා සිටිය ද, තමන්ට ඒ සඳහා අවස්‌ථාව ලබා දී නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ඉදිරි මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා භාර ගැනීම ඊයේ(25) දිනයෙන් අවසන්ව අැත.

තේ කර්මාන්ත ශාලා සඳහා කාරක ප‍්‍රාග්ධන ණය යෝජනා ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කිරීමට රජය තීරණය කර අැත. ලෝක වෙළෙඳ පොළේ පවතින ගැටලූකාරී තත්වයන් හේතුවෙන් තේ මිල පහළ යාමත් සමග කර්මාන්ත ශාලා හිමියන් පත්වන මූල්‍යමය අර්බූදය පිළිබඳව සළකා බලා මෙම තීරණය ගෙන තිබේ. ඒ අනූව සියළුම තේ කර්මාන්ත ශාලා හිමියන් සඳහා මෙම ණය යෝජනා ක‍්‍රමය රාජ්‍ය සහ වානිජ බැංකු හරහා කි‍්‍රයාත්මක වේ.

ලංකා බැංකුවේ හා තවත් පෞද්ගලික බැංකු දෙකක ගිණුම් හිමියන් කිහිප දෙනෙකුගේ ගිණුම් වලින් රුපියල් මිලියන දහස් ගනනක් වෙනත් ගිණුම්වලට මාරුකරමින් පරිගක හරහා සිදු කළ දැවැන්ත බැංකු කොල්ලයක තොරතුරු අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබේ.

BMICH විසින් පාලනය කරන ලද රාජගිරියේ මහ බැංකු අභ්‍යාස ආයතනයට යාබදව පවත්වාගෙන ගිය සවරින්ග් හෝටලය ජූනි 15 සිට වසා දැමීමට එරෙහිව එහි සියළු සේවකයෝ ඊයේ (25) එම හෝටලය ඉදිරිපිටදී විරෝධතා ක‍්‍රියාමාර්ගවල නියැලූනි.

තම රැකියාව සුරක්ෂිත කරදෙන ඉල්ලමින් කරන ලද උද්ඝෝෂණය නිසා සේවක අර්ථ සාධක අරමුදලේ මෑන් පවර් සේවකයින් පිරිසක් සේවයෙන් නෙරපා ඇත.

එයට විරෝධය පාමින් එම සේවකයින් කොලඹ බාරොන් ජයතිලික මාවතේ පිහිටි සේවක අර්ථසාධක අරමුදල පරිශ්‍රය ඉදිරිපිට ඊයේ(25)අඛන්ඩ උපවාසයක් අැරඹුවේය.

ld add copy

Connet With Us