ළමා අපයෝජකයකුට සමාව දුන් හංගේරියානු ජනාධිපතිනි තනතුර අත්හරී
ළමා අපයෝජන කිහිපයක් සිදුකළ වරදකරුවකුට එම සිදුවීම් සැඟවීමට උදව් කළ පුද්ගලයකුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් එල්ල වන ජනතා විවේචන දිනෙන් දින වැඩි වීම හේතුවෙන් තමන් සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව හංගේරියානු ජනාධිපති කැටලින් නොවැක් මහත්මිය ප්‍රකාශ කළාය.
සිරගත කර සිටින ඉම්රාන් ඛාන් තමා ජන්දයෙන් දිනා ඇති බව ලොවට කියයි
සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ බවට ඔහු විසින් ප්‍රකාශ කර තිබේ.
චීන වසන්ත උත්සව සංස්කෘතික මංගල්‍යය ලෝකයටම පෙන්වයි
චීන සාම්ප්‍රදායික නව වසර උදාවන්නේ අද රාත්‍රියේයි. චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරන ලද වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගය බෙයිජිං වේලාවෙන් අද රාත්‍රී 8ට ලොව පුරා ප්‍රේක්ෂකයන් හමුවේ දිගහැරේ.
තමාගේ වැඩ මුරය නිම වීමෙන් අනතුරු ව තමන්ට සිය ආයතන ප්‍රධානින්ගෙන් ලැබෙන අසාධාරණ දුරකථන ඇමතුම් සහ පණිවුඩ නොසලකා හැරීමේ අයිතිය තහවුරු කිරීමේ නව නීතියක් හඳුන්වාදීමට ඔස්ට්‍රේලියාව පියවර ගනිමින් සිටියි.
හිස්බුල්ලා මිලිටරි සංවිධානයේ ප්රබලයෙකු අමෙරිකානු ප්‍රහාරයකින් මරුට
ඉරාන පිටුබලය ලත් කටයිබ් හිස්බුල්ලා මිලිටරි සංවිධානයේ ජ්‍යේෂ්ඨ අණ දෙන නිලධාරියා අමෙරිකානු ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත් ව තිබේ.
චිලි රාජ්‍යයේ හිටපු ජනාපධිති සෙබෙස්තියන් පිනේරා, හෙලිකෝප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. කෝටිපති ව්‍යාපාරිකයකු ද වන පිනේරා දෙවරක් චිලී රාජ්‍යයේ ජනාධිපති ධුරය හොබවා තිබේ.
3 වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
කසාදය නිසා පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් වසර 7ක් සිරගෙට
නීති විරෝධී විවාහයක් සිදු කර ගත් බවට වරදකරුවන් කරමින් පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ තුන්වැනි බිරිය බුෂ්රා බීබීට එරට අධිකරණයක් මඟින් වසර 7 බැගින් සිරදඬුවම් නියම කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
