නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන "පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත" මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි සහිත තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය බිල සියයට 30කින් අඩු කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

වතු සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 400කින් වැඩිකර ලබාදීමට වතු සමාගම් විසින් දිනකට තේ දළු කිලෝ 25ක් ලබාදෙන ලෙස වතු සේවකයන්ගෙන් ඉල්ලීම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසයි.

“දිට්වා’’ සුළි කුණාටු තත්ත්වය නිසා බලපෑමට ලක්වූ පාසල් සිසුන්ට පොත්පත් හා ඇඳුම් මිලදී ගැනීම සඳහා ලබාදෙන රුපියල් 15,000 ක දීමනාව ලබා ගැනීමට කොළඹ දිස්ත්‍රික්කයට ලැබුණු අයැදුම්පත් 17,399 ක් අතරින් 11,964 කට තවදුරටත් එම දීමනාව ගෙවීමට නියමිත බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.

ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව අද (05) සිට මෙරට සැදැහැවත් ජනතාවට හිමි වේ.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විවින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Connet With Us