රිමාන්ඩ් සිරකරුවන්ට ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණයවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දැනුම් දෙමින් මැතිවරණ කොමිසම, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් වෙත නොතීසි යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) නියෝග කළේය.

2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයා පිළිබඳව අවසන් තීරණය එළඹෙන සඳුදා (29) ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ආරංචි මාර්ග පවසයි.

කුඩු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් මැඩලීම සදහා ආරම්භ කළ යුක්තිය මෙහෙයුම් කුමන බාධක පැමිණියත් නවත්වන්නේ නැති බව මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය.

අද (26) දිනයේ සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකිය.

වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට මේ මොහොතේ නීතිමය ප්‍රතිපාදන නොමැති බව අද (26) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

පාන් මිළ පහළට

Published in පුවත්
Friday, 26 July 2024 10:37

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩුකර තිබේ.

2024 ජනාධිපති වරණය වෙනුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයන් ට අද දිනයේ සිට ඇප මුදල් තැන්පත් කළ හැකි අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සේවධින අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කිරීම අද උදෑසන සිදුවිය.

ඉදිරි ජනාධිපතිවරණ සමය තුළදී සති දෙකකට වරක් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට සිදු වුවහොත් එම කරුණ මත පදනම්ව තමාට මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නීති උපදෙස් ලැබී ඇත.

ld add copy

Latest News

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගු කලක් පුරා ධීවර ගැටලු පවතින බවත්, ඒ සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූලව ක...

Connet With Us