මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂක වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වුවහොත් ඔහුට සහාය දැක්වීම පිළිබඳව පක්ෂය තුළ කිසිදු විරෝධයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සඳහන් කර තිබේ.

වී නිෂ්පාදනය ප්‍රමුඛ කර ගනිමින් තරගකාරී අපනයන වෙළඳපොල ජය ගත හැකි නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් 2030 වන විට නවීන තාක්ෂණය භාවිතා කරමින් තරගකාරී කෘෂිකර්මාන්තය කරා ගමන් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

වසර 2023 ජනවාරි සිට මැයි 31 දක්වා කාලය තුළ තම දෙපාර්තමේන්තු ඉපයු රුපියල් බිලියන 69.3 සුරා බදු ආදායම අභිබවා 2024 වසරේ එම කාලය තුළ රුපියල් බිලියන 88.7 සුරා බදු ආදායමක් ලබාගෙන ඇතැයි සුරා බදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමාණවත් තරම් ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් තක්සේරු කරන බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පවසා තිබේ.

අවුරුදු 21 දී ප්‍රථම උපාධියත්,අවුරුදු 23දී පශ්චාත් උපාධියත්, අවුරුදු 27දී ආචාර්ය උපාධියත් සම්පූර්ණ කළ හැකි වන පරිදි දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීමක් වත්මන් අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් සිදු කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට නිවාස 5,587ක් හානියට ලක්වී තිබේ. නිවාස 56ක් පුර්ණ හානියට ලක්වී ඇති අතර අර්ධ හානි සිදුවී ඇති නිවාස සංඛ්‍යාව 5,531කි.

තමා අධ්‍යාපන අමාත්‍යධුරයට පත් වන අවස්ථාවේ මිලියන එක්දහස් දෙසීයක අයිරාවක් පැවති රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මේ වන විට බිලියන 2.3ක ලාභයක් ලබන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

රෝයල් පාර්ක් නඩුවේ මරණ දඬුවම හිමිව සිටි විත්තිකරු ජනාධිපති සමාවෙන් නිදහස් කිරීම මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙස ‍ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඉතාම පැහැදිලි අනාගත ජනාධිපතිවරුන්ට පූර්වාදර්ශයක් කරගත හැකි තීන්දුවක් බව හිටපු මානව හිමිකම් කොමසාරිස් ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවැසීය.

ld add copy

Connet With Us