කොළඹ වරාය නගර පරිශ්‍රයේ අලුතින් ඉදිකරන ලද “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ දිින(05) පස්වරුවේ විවෘත කෙරිණ.

මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක් ග්‍රහණයේ පරිගණක අපරාධ සඳහා යොදවා සිටි ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් 20 දෙනෙකු දිවයිනට පැමිණියේ ය.

ජනාධිපතිවරණ සමයේ සමාජ මාධ්‍යයේ පොස්ට් හුවමාරු කිරීමේදි සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ මෙවර සිසුන් හත්දහසකට ණය ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු තෙවැනි දිනටත් අද (6) සිදුකිරීමට නියමිතව ඇත.

අද (6) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර මැතිවරණය තරග කිරීමට ඇත්තේ තිදෙනෙක් අතර බව හරෙන්  ප්‍රනාන්දු මහතා පැවසීය. 

රනිල් වික්‍රමසිංහ තම දැනුම උපයෝගිකරගනිමින්  රට භාරගන්න නායකයෙක් නැති අවස්ථාවක   වැටුණු ආර්ථිකය යළි ගොඩනගමින් මේ රට බේරගත් බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පැවසීය.

ld add copy

Latest News

Connet With Us