බස් රථවල ගෙවීම් සඳහා ඩිජිටල් කාඩ්පතක් ඉදිරි වසර තුළ හඳුන්වා දීමට පියවර ගන්නා බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථවල ගමන් කරන්නන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය හෙට නිකුත් කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහලෙන් පිටව ගොස් තිබේ.

රතන හිමි රිමාන්ඩ්

Published in පුවත්
Friday, 29 August 2025 13:29

නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොච්චිකඩේ පොලීසියට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 35ට වැඩි සෑම පුද්ගලයෙකුටම තමන්ට පවතින රෝගී තත්ත්වයන් හඳුනාගැනීමට රජයෙන් පැකේජයක් හඳුන්වාදීමට බලාපොරොත්තුවන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි පවසනවා.

රාජිත රිමාන්ඩ්

Published in පුවත්
Friday, 29 August 2025 11:28

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ වෙනත් නඩුවක් සඳහා අද (29) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය, සේනාරත්න මහතාව අද දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළාය.

සිසුවියන් දෙදෙනෙකුට සහ තවත් අයෙකු ඇතුලු තිදෙනෙකුට මරු කැඳවමින් කුලියාපිටියේදී සිදු වූ රිය අනතුරෙන් මිය ගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද දුම්මලසූරිය කට්ටිමහන පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

ld add copy

Connet With Us