දිවයිනේ ප්‍රධාන වශයෙන් අද (16) වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රෝහල් වර්ජනය හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීමට දිවයින පුරා රෝහල් සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ.

බන්ධනාගාර සිරමැදිරිවල වාට්ටු ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාව පෙන්වා දෙයි.

‍09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය වාර අවසාන කිරීම මෙම මස 24 වනදා සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහත වැටී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුලේ (IMF) නියෝජිත පිරිස සහ මෙරට බලධාරීන් අතර නිල සාකච්ඡා අද (16) සිට ආරම්භ වේ.

වෛද්‍යවරුන් දුන් රු35,000ක දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක්ව අද (16) උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය අවධානය යොමුකර තිබේ.

ld add copy

Connet With Us