සිසුවියන් දෙදෙනෙකුට සහ තවත් අයෙකු ඇතුලු තිදෙනෙකුට මරු කැඳවමින් කුලියාපිටියේදී සිදු වූ රිය අනතුරෙන් මිය ගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද දුම්මලසූරිය කට්ටිමහන පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

පාසල් වේලාවන් හා කාර්යබහුල වේලාවන් තුළ මාර්ගවල බර වාහන ධාවනය සීමා කිරීම සම්බන්ධව පොලිසිය අවධානය යොමු කර ඇත.

අද (29) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ද වයඹ පළාතේ වැසි ස්වල්පයක් ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පාසල් සිසුවියන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකුට මරු කැඳවමින් කුලියාපිටිය විලපොළ මංසන්ධියේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියදුරා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා බහට ලක්වන්නට හේතු වූයේ ඔහු ප්‍රකාශයක් වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය පසුව හදිසියේම අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් සිර භාරයට පත් කිරීමයි.

නව විදුලි බල පනතට අනුව, සමාගමකට අනුයක්ත වීමට අකමැති ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් සඳහා ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.

විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ සහ විපක්ෂයේ පක්ෂ නියෝජිතයින්ගේ විශේෂ රැස්වීමක් අද සවස 5.00ට හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්ගේ නාරාහේන්පිට පිහිටි නිවසේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා .

මෑත කාලයේ බොහෝ තරුණ පිරිස් අතර හෘද රෝග වැළදීම ඉහළ යාමට කොවිඩ් එන්නත්කරණය හේතුවන්නට ඇති බවට සමාජයේ පැතිර යන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව හෘද රෝග විශේෂඥයින් පෙන්වා දෙනවා.

ld add copy

Connet With Us