පෞද්ගලික අංශයේ ආයතනවල සේවය කරන ගර්භණී කාන්තාවන් සේවයට නොකැඳවන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

ග්‍රාම නිලධාරී වසම් රැසක හුදෙකලා බව අද පෙරවරු 6 සිට ඉවත් කර තිබෙනවා. තවත් ග්‍රාමනිලධාරී වසම් කිහිපයක් අලුතින්හුදෙකලා කිරීමට ද තීරණය කෙරුණා.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද (20) දෙවන දිනටත් ආරම්භ වී තිබේ.

ඒ අනුව විවාදය අවසානයේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට සැලසුම් කර ඇත.

චීනයෙ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මිලියන 14ක් ශ්‍රීලංකාව මිලදී ගැනීම සඳහා කටයුතු කරමින් සිටීන බව වාර්තා වෙනවා.

පෞද්ගලික අංශය විසින් සිදු කරනු ලබන PCR පරීක්ෂණවල ප්‍රමිතිය හා ගාස්තු නියාමනය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු අත්අඩංගුවේ පසුවන නවුෆර් මවුලවි බවට ඇමරිකාවේ එෆ්.බී.අයි. ආයතනය ද තහවුරු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී ඊයේ දින අනාවරණ කර තිබේ.

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ජනතාවට සයිනොෆාම් එන්නත ලබාගැනීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී තිබෙනවා.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මේ මස අවසන්වීමට පෙර ශ්‍රී ලංකාවට ලබාදීමට චීන බලධාරීන් එකග වී තිබේනවා.

ld add copy

Connet With Us