හිටපු සහ ඉන්න අමාත්‍යවරුන්ගේ නඩු වලට අද මොකද වුණේ ....
අල්ලස් චෝදනාවක් යටතේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් යන අයට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අද (05) නියෝග කල බව වාර්තා වේ.
covid -19 මර්දනයෙන් ශ්‍රී ලංකාව පළමු තැන ගන්න උත්හාහයක්
කොවිඩ් මර්දනය සඳහා වන එන්නත් ලබා දී අවසන් කරන දකුණු ආසියානු කලාපයේ මුල්ම රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමට රජය තීරණය කර ඇත.
ඉන්දියාවේ කෙනෙහිලිකම් උග්‍රවෙයි. දීපු ණයත් කලින් ඉල්ලයි.
ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 400ක ‘හුවමාරු ණය’ (SWAP) ඉන්දියාවට වහාම ආපසු ලබාදෙන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පමණක් සංවර්ධනය කරන බව ශ්‍රී ලංකා රජය නිල වශයෙන් ප්‍රකාශ කර පැයක පමණ කාලයක් ඇතුළත ඉන්දියාව විද්‍යුත් තැපෑල ඔස්සේ පණිවුඩයකින් මෙම දැනුම්දීම කර ඇතැයි පැවසේ.
චීන සයිහෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් එලැඹෙන සතියේ මෙරටට
චීනයේ නිෂ්පාදිත සයිහෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් එලැඹෙන සතියේ මෙරටට ගෙන්වන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කර තිබේ.
නිදහස් දින උලෙළට යන්න හැදූ මාධ්‍යවේදීන් 18 කට කොරෝනා.
අද උදෑසන පැවැති ජාතික නිදහස දින උලෙළ ආවරණය සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා සිටි මාධ්‍යවේදීන් 200 කට අධික පිරිස අතරින් 18 දෙනෙකුට කොරෝනා අසාදනය වී තිබු බව පීසීආර් පරීක්ෂණ මඟින් තහවුරු වී තිබේ.
කොරෝනා අසාදනය නිසා ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි.
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොරෝනා ආසාදනය වී තිබිම හේතුවෙන් ඒ මහතා පසුගියදා නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරු කර යවා තිබිණි.
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාරීත්වය දැරූවේ ඔහුය.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකුටත් ගැලවී යාමට ඉඩ දෙන්නේ නැහැ - නිදහස් සැමරුමට එක්වෙමින් ජනාධිපතිවරයා අවධාරණය කරයි !
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම පාර්ශ්වයකටම එරෙහිව පියවර ගැනීමට කටයුතු කරන බව කොළඹ නිදහස් චතුරස්‍රයේ දී අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුමට එක්වෙමින් අද (04) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.
73වන නිදහස වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් රැසකට උසස්වීම්
73 වන නිදහස් දිනයට සමගාමීව යුද හමුදා නිලධාරීන් 337 දෙනෙකු සහ සෙසු නිලයින් 8266 දෙනෙකුට උසස්වීම් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් ලබාදීම තීරණයකර තිබේනවා .