එක්නැළිගොඩ ඝාතනය කර සිරුර ත්‍රිකුණාමලයෙන් මුහුදට දමලා
මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතා රජයේ හමුදා බුද්ධි අංශ මඟින් පැහැරගෙන ගොස් සොරිවිල (මනම්පිටිය) වැලිකන්ද ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය අතුරු හමුදා කඳවුරකට බාර දී ඇති බවත් පසුව ඔහු ඝාතනය කර මෘත දේහය ත‍්‍රිකුණාමලයට රැගෙන ගොස් මුහුදට දමා ඇති බවත් හමුදා බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
වසරකට කුඩු කිලෝ 3500ක් රටට හොරෙන් එනවා - නාවික හමුදාපති
අන්තර්ජාතික මත්කුඩු ජාවාරම්කරුවන් වසරකට මත්කුඩු කිලෝ තුන්දහස් පන්සියයකට වැඩි ප්‍රමාණයක් බෙදාහැරීමට මෙරටට එවන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා පැවැසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් තරග දේශීය විකාශන අයිතිය වතාවක් සිරස ටිවී ආයතනය වෙත පැවරීමේ කුමන්ත්‍රනකාරී වැඩ පිලිවෙලක් සිරස ටීවී හිමිකරු කිලී මහරාජා විසින් විසින් ක්‍රියාවට නඟා ඇති බව දැන ගැනීමට ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ජනපතිට පොල් කෙන්දක තරම්වත් බලයක් නැති බව 'ජිෆී' පෙන්වා දෙයි
පරිසර ඇමැතිධුරය හොබවන 'විධායක ජනාධිපති' මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලය තමන්ට පොල් කෙන්දක තරම් නොවන බව 'ජිෆී' පාලනාධිකාරිය පසුගියදා (13) මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරීන්ට පෙන්වා දී තිබේ. පොලි කොහු සෝදන කැල්සියම් නයිට්‍රේට් විෂ රසායන අඩංගු අපජලය කෙළින්ම දදුරු ඔයට දමමින් අති විශාල විනාශයක් කරමින් සිටින කොඹෙයිගනේ ජිෆී සමාගම සම්බන්ධයෙන් අප විසින් දිගින් දිගටම එල්ල කළ චෝදනාව හේතුවෙන් නැවත වරක් එම සමාගමේ කටයුතු පරික්ෂා කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරින් පියවර ගෙන තිබේ.
දැන්වත් දේශපාලන රැඳවියන් නිදහස් කරන ලෙස ආණ්ඩුවට බලකරන විරෝධතා සත්‍යග්‍රහයක් අද (14) දින කොළඹ කොටුව දුම්රියපොල ඉදරිපිටදී පැවැත්විණි. සම අයිතිය ව්‍යාපාරය විසින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණයට වාමාංශික දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන්, මානව හිමිකම් සංවිධාන නියෝජිතයන්, දේශපාලන රැඳවියන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගී විය.
මහින්දව අත්අඩංගුවට ගනිතැයි බියෙන් හෙට ලක්ෂ ගනනක් කොළඹට කැඳවයි
පසුගිය ජනාධිපතිවරණයේ දැන්වීම් ප්‍රචාරය කිරීමේදී ස්වාධීන රූපවාහිනී සේවයේ වී ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳ ඉදිරිපත්ව ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කොමිසම කරන පරීක්ෂණයක සාක්ෂි විභාගය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) දිනයේ කැඳවා ඇත.
රක්නා ආරක්ෂා ලංකා ආරක්ෂක ආයතනය තවදුරටත් පවත්වාගෙන යනවාද නැතිනම් අහෝසි කර දමනවාද යන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ළඟදීම තීරණය කරන බව ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මහතා පැවැසීය.