බේරුවල නගරයේ කූප්‍රකට ජාවාරම් කරුවකු වන එළවළු රෝයි හෙවත් රෝයි සහෝදරයා ලෙස හැඳින්වෙන පුද්ගලයා මේ වන විට ඡන්ද කාඩ් පතකට රුපියල් 1500 ගානේ ගෙවමින් මිළදී ගනිමින් සිටී. මේ සමඟ ජාතික හැඳුනුම් පත්ද එකතුකරගෙන ඇත. එය ජනවාරි 9 වන දින යළි ලබා දෙන පවසා ඇත.

එ.ජා.ප නියෝජ්‍ය නායක, හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන චරිතය ඝාතනය කරමින් මඩ ප්‍රචාර ව්‍යාපෘතියක් දියත්වීමට නියමිතව පවතීන බව සැලවේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා ඊයේ හදිස්සියේම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා රාජපක්ෂවරු කුඩු චෝදනාවෙන් නිදහස් කර ගැනීමට අසාර්ථක උත්සාහය නියැලුනේය.

මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණමෙහෙයුමේ අවසන් පැය 48 බාරගෙන ඇත්තේ ආරක්ෂක ලේකම්වරයා විසින් බව අප මිට පෙර පුවතකින් හෙළි කරනු ලැබීය . ඒ අනුව මේ වන විට ලැබෙමින් පවතින ආරංචි මාර්ග අනුව යම් භිෂණකරී ක්‍රියාවලියක් ආරම්බ වීමේ සලකුණු පහලව ඇත.

නැගෙනහිර පළාත් සභාවේ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය නියෝජනය කරන පළාත් සභා ඇමැතිවරු දෙදෙනකු ඇතුළු එම කොංග්‍රසයේ සියලු මන්ත්‍රීවරුන්ගේ පොලිස්‌ ආරක්‌ෂාව ඉවත්කර ඇතැයි පළාත් සභා මන්ත්‍රී කණ්‌ඩායම පවසයි.

ඇල්ල තැපැල් කාර්යාලයේ ලියුම් බෙදන්නකුට අමානුෂික ලෙස පහර දී තුවාල කර ඡන්ද පත්‍රිකා තොගයක්‌ පැහැරගත් බව කියන ඌව පළාත් සභා ඇමැති සෙන්දිල් තොණ්‌ඩමන් මහතා ප්‍රදේශය අතහැර පලාගොස්‌ ඇති බව පොලිසිය පවසයි.

තිදෙනකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබ සිටින චොකා මල්ලි නොහොත් නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර, පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ ප්‍රාදේශීය සභා සභාපති වජිර සිල්වා ප්‍රදේශය අතහැර පලාගොස්‌ ඇති බව පොලිසිය පවසයි.

මෙවර තැපැල් ඡන්දය පැවැත්වීම මීට පෙරාතුව අවස්ථාවන් මෙන් නොව අදියර කිහිපයකින් ක්‍රියාත්මක වූ බවත්, එය ගැටළු සහගත බවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක ඩී.එම් දිසානායක මහතා සඳහන් කළේය.

worky

worky1

ld add copy

Latest News

Connet With Us