මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලවලට අනුව, එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි මන්ත්‍රී ප්‍රමාණයක් තේරී පත්වී ජයග්‍රහණය කළහොත් මීළඟ අගමැතිවරයා ලෙස ඒ.ඒච්.එම්. ෆවුසි මහතා පත්වීමේ ඉඩක් ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එකසත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරු ලෙසා කටයුතු කළ අනුර ප්‍රිය දර්ශන යාපා හා සුසිල් ප්‍රේමජයන්ත එම තනතුරු වලින් අද දින ජනධිපතිවරයා විසින් ඉවත් කර තිබේ .

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඊයේ දින මහින්ද රාජපක්ෂට යොමු කරනු ලැබූ ලිපියට පිළිතුරක් අද දින රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාට යොමු කර තිබේ.

මෙහි ප්‍රධාන කරුනු 3 ක් අඩංගුය.

මෙවර මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීම සඳහා තිබු ඉඩ අහුරාලමින් ඊයේ දිනයේදී ජනාධිපතිවරයා ලවා මහින්ද රාජපක්ෂ මහතාට යොමු කරවනු ලැබූ ලිපිය නිසා ශ්‍රී ලංකා පාක්ෂිකයන් තුල ජනාධිපතිවරයා කෙරෙහි දැඩි කලකිරීමක් හා වෛරයක් ඇති කරලිමට හේතු වී තිබේ.

ජනත විමුක්ති පෙරමුණ මෙවර මහ මැතිවරණය වෙනෙන් සමාජ කණ්ඩායම් ඉලක්ක කරමින් වෙනස් ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් කර ඇති බව අන්තර් විශ්ව විද්‍යාලයීම බල මණ්ඩලයේ කැඳවුම් කරු නජිත් ඉන්දික මහතා හළි කරයි.

රට තුළ ෆෙඩරල් පාලනයක්‌ ඇති කිරීමට තමන් කිසිවිටෙකත් ඉඩ නොදෙන නමුත් ගමට බලය ලැබෙන ග්‍රාම රාජ්‍යයට සමාන ක්‍රමයක්‌ ඇති කරන බව එක්‌සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

මහින්ද රාජපක්ෂ මහතා කර තියාගෙන ගොස් ඔහුව දේශපාලනිකව විනාශ කිරීමේ කොන්ත්‍රත්තුව සිදුකළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සමීප ට්‍රෝජන් අශ්වයන් කණ්ඩායම අද දින ජනාධිපහිවරයා විසින් හෙළි කරන ලදී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට විශේෂ ලිපියක් මීට මොහොතකට පෙර යවා ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ld add copy

Connet With Us